සිංහල සංගීතයේ කන්ඩක්ටර්ලා හා ඩ්‍රයිවර්ලා
ලංකාවේ ජනප්‍රිය සංගීත කලාව අද වන විට මෙහෙයවන්නේ කවුරුදැයි කියා ද ඔබ සිතන්නේ? සිංදු ලියා මියුසික් වීඩියෝ හදා දී රේඩියෝ, රෑපවාහිනී චැනල්වලට පගා ද දී සිංදු හිට් කර දීමේ කොන්ත්‍රාත් කරන මියු 'සික්' මාෆියාවක් රටේ ඇත. එහෙත්, ලංකාවේ ජනප්‍රිය සංගීතය බිම් මට්ටමේදී මෙහෙයවන්නේ පෞද්ගලික බස්වල රියැදුරන් හා ත්‍රිරෝද රියැදුරන් විසින් බව මගේ අදහසයි. බස් රියැදුරන්ට නම් සංගීතය අවශ්‍ය ප්‍රධාන වශයෙන් ම නින්ද යාම වළක්වා ගන්නට ය. ජගත් වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ වැනි 'ජනප්‍රිය' නින්ද යන සිංදු කියන්නන්ගේ ගීත බස්වලදී වැඩිපුර නො ඇසෙන්නට හේතුව එය විය හැකි ය. මන්ද, සිංහල සංගීතය හෙවත් සිංදු සඳහා ඉල්ලුම නිර්මානය කරන්නේ ඔවුන් විසිනි. වැඩට යන මිනිස්සු බස්වලින් සිංදු අසා ඉන් පසු ඒ සිංදු ගෙදර ගෙන යති. සිංදු සංගීතයේ ප්‍රධාන කාර්යයක් වන්නේ බස්වල, ත්‍රිරෝද රියවල ගොරහැඩි හඬ යටපත් වන පරිදි හඬ මතු කර ගැනීමයි. ඒ සඳහා ලෝකයේ කොහේවත් සංගීතයකදී ප්‍රමුඛස්ථානය නො දෙන ඔක්ටපෑඩ් යයි හැඳින්වෙන විද්‍යුත් තාල වාද්‍ය භාණ්ඩයකට ප්‍රමුඛතාව දී තිබේ. එයින් ද මතු කර ගන්නේ ටිංකර් වැඩපලවල යකඩ තලන, හූරන හඬ වැනි ශබ්ද...