Posts

Showing posts with the label සාහිත්‍යය

දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

Image
සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි. ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය. අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි. දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැ...

එන්න සාහිත්‍යය කන්න; තෝකියෝ පොත් සල්පිලේ සිට කම්මැල්ලවීර නොදන්නා ගුරුවරුන් දක්වා

Image
අජිත් පැරකුම් ජයසිංහ - මීට දස වසරකට ඉහත එක් සරත් ඍතුවක ජපානයේ තෝකියෝහි පැවැත්වුණු ජාත්‍යන්තර පොත් සල්පිල බලන්නට යාමේ අවස්ථාවක් මට ලැබිණි. ජපානය සම්ප‍්‍රදායිකවම සෑහෙන්න පොත් පත් කියවන මිනිසුන්ගෙන් පිරි රටකි. එහි පොත් සල්පිල පැවැත්වුණේ පොත් ප‍්‍රකාශන ආයතන හා පොත්හල් බහුල වීදියකයි. එය පොත් සැණකෙළියක් වූ අතර සෑම තරාතිරමකම ජනයා එහි පැමිණියහ. ඒ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රද්ර්ශනය ආරම්භ වී නොතිබුණු අතර, පොත් එතරම් මහජන ආකර්ශනයක් වී තිබීම මගේ විස්මයට තුඩු දුන්නේය. එහෙත් දැන් අපටද සැප්තැම්බරයේ මහා පොත් සල්පිලක් තිබේ. මුදල් නැති නිසා මම මෙවර පොත් සල්පිල බලන්නට යන්නේ නැත. හමු වන අය "ගියෙ නැද්ද පොත් ප‍්‍රදර්ශනේ බලන්න?’’ යි අසන අසහනකාරී සමය ඉදිරියෙන් තිබේ. මා එදා තෝකියෝවේදී දුටු පොත් සල්පිල කොළඹ පොත් සල්පිල මෙන් එකිනෙකාට වැලමිටින් අනිමින්, පොදි කමින්, දාඩිය පෙරාගෙන, දූවිලි කාගෙන, ලෝක විනාශයට පෙර සියල්ල කියවා අවසන් කරන්නට මෙන් වියරුවෙන් පොත් තෝරන, තදබද තැනක් නොවේ. පොතපත කියවන්නට මෙන්ම ළමයින්ට දුව පැන ඇවිදින්නට, සෙල්ලම් කරන්නට ඉඩකඩ ද එහි තිබිණි.  මගේ සිත් පැහැර ගත් දර්ශනයක් වුණ...

රාජ්‍ය සාහිත්‍ය සම්මාන - 2009

Image
හොඳම නවකතාව පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක  හොඳම කෙටි කතා සංග්‍රහය ආචාරි සීයා දුටු දිදුලන සිහිනය - පියල් කාරියවසම් හොඳම කාව්‍ය සංග්‍රහ මාරියාව - අජිත් තිලකසේන සහ මගේ කොළඹට හඳ පායයි - එරික් ඉලෙයප්පආරච්චි හොඳම පරිවර්තන නවකතාව ඔබ්ලමෝව් - ආනන්ද අමරසිරි හොඳම කෙටිකතා සංග්‍රහය (පරිවර්තන) සොඳුරු සිතුවම් - චන්දන මෙන්ඩිස් හොඳම ගීත සංග්‍රහය විසිතුරුය රෑ අහස - මහාචාර්ය සුනිල් ආරියරත්න හොඳම නාට්‍ය ග්‍රන්ථය (පරිවර්තන) චරන්දාස් සහ චරන්දාස් හොරා - පරාක්‍රම නිරිඇල්ල හොඳම ළමා සාහිත්‍ය කෘතිය රජ ගොනා - අරිසෙන් අහුබුදු හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය නිධාන කැලේ අභිරහස - දිනේෂ් ගුණතිලක සමරවික්‍රම හොඳම විවිධ විෂය ශාස්ත්‍රය කෘතිය ලග්ගල ජනවහර - කේ.බී. මානෑව, බුදුසමය හා පාප සංකල්පය - ගැමුණුපුර සෝමවංශ හිමි හොඳම විවිධ විෂය ශාස්ත්‍රීය කෘතිය (පරිවර්තන) ක්‍රිස්ටීන් ස්පිට්ල්ගේ මතක සටහන් - ප්‍රේමචන්ද්‍ර අල්විස්, ලංකාවේ නැගෙනහිර පලාත මඩකලපුව දිස්ත්‍රික්කයේ වෘත්තාන්තය - වයි.ඩබ්. ගුණවර්ධන (ඡායා: දිනමිණ)