සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා
ජයතිලක බංඩාර කියන්නේ සුහද මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අයුරින් ම සහෝදරයෙක්. සටන් සගයෙක්. සංගීතය අනුපාණෙට අරගෙන දේශපාලන පණිවුඩයක් දෙන්න හදන දේශපාලන ක්‍රියාධරයෙක්. ඔහු ගැන කතා කරන්න හිතුණේ පසුගිය දිනවල ඔහු ආරම්භ කළ 'බියෙන් අත්මිදෙමු' නම් සංගීත, දේශපාලන වැඩසටහන නිසායි. ලංකාවේ සංස්කෘතික, දේශපාලන පෙරමුණේ මේ වන විට රජයමින් පවතින දීනත්වයට හේතුව මේ බිය ම නො වෙන්න පුළුවන්. බියට වඩා මෙතැන තිබෙන්නේ කෑදරකම. ධනේශ්වර පාරිභෝජනවාදයේ ගිලීම හා පෞද්ගලික හා පවුල් උන්නතිකාමය. ජයතිලක බංඩාර එක්ක එකට හිර ගෙයි හිටිය, ගුණදාස කපුගේ රජරට සේවයේ සිටි කාලයේ ප්‍රගතිශීලී දේශපාලන පසුබිමක් සහිතව කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආ කරුණාරත්න දිවුල්ගනේ අද ඉන්න තැන මම කියන කරුණ සනාථ කරනවා. හැමෝ ම දෑත් ශක්තිමත් කරන්න යන්නේ බිය නිසා ද? ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. කර්තෘවරයාට ප්‍රවෘත්ති ගැන තීරණයක් ගත නො හැකි පුවත්පතක කර්තෘ වෙන්න ඔහු තීරණය කරන්නේ බිය නිසා ම ද? ජයතිලක බංඩාර සාදු ජන රාව හා ගී රස වින්දන වැඩසටහන් දිවයිනේ ගම් නියම්ග...