Posts

Showing posts with the label ස්වරූප

ධර්මසේන පතිරාජගේ ස්වරූප හා ඇන්ටික් ලයිෆ්

Image
ධර්මසේන පතිරාජ ලංකාවේ ජ්‍යේෂ්ඨ හා ශ්‍රේෂ්ඨ සිනමාධරයකු බව අමතක නො කරමින් ස්වරූප චිත්‍රපටය ගැන මට හිතෙන හැටි බොරු ව්‍යාජ වර්ණනා නැතුව මෙසේ ලියමි. එම චිත්‍ර‍පටය කියැවිය හැකි ප්‍ර‍ධාන ආකාර දෙකක් තිබේ. 1. කෆ්කාගේ රූපාන්තරණය නම් කෙටි නවකතාවේ අනුවර්තනයක් ලෙස 2. කෆ්කාගෙන් අභාසය ලද ස්වාධීන කෘතියක් ලෙස ලංකාවේ මුදල් ගෙවා චිත්‍ර‍පට බලන අප වැනි සාමාන්‍ය සිනමා රසිකයන් කෆ්කා කියවා ඇතැයි කෆ්කා කියවූ බව කියන, චිත්‍ර‍පටයේ ප්‍රෙස් ෂෝ එක නොමිළේ බලන, විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා, ධර්මසේන පතිරාජට පතී යි කියන, පතී සමග එකට වැඩ කර ඇති, පතී සමග බීලා තියෙන ප්‍ර‍භූන් පිළි ගන්නේ නැත. එබැවින්, ඔවුන්ට අනුව මෝඩයන් වන අපට මෙම චිත්‍ර‍පටය කෆ්කාගේ නවකතාව සිනමාවට අනුවර්තනය කර ගැනීමක් ද යන්න අදාළ නැත. අප යන්නේ චිත්‍ර‍පටයක් බලා රසයක් විඳින්නට ය. ප්‍රහේලිකාවකින් ඔලුව කුරුවල් කර ගන්නට නො වේ. කෆ්කා අමතක කර වෙනම මෙම චිත්‍ර‍පටය සලකා බැලුවහොත්, එම චිත්‍ර‍පටයේ රූප රාමු හැම එකකම ඇති මූලික ලක්ෂණය වන antique ගතිය හෙවත් පෞරාණිකත්වය අමතක කර චිත්‍ර‍පටය රස විඳිය නො හැකි ය. එහි ඇත්තේ කිසියම් ඉතිහාසයකට අයිති පැරණි ගෘහ...