Posts

Showing posts with the label ස්වර්ණ පුස්තකය

කොළඹ මහා පොත් පෙරළීම හා Book Seeker මෘදුකාංගය

Image
පොත් කියවීමෙන් මිනිසුන් හොඳ අය වෙනවා ය කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතා හොඳ අදහස් ඇති පොත් ගැන කතා කරමින් ඉතා නරක අදහස් ඔලුවේ දරාගෙන සිටින මිනිසුන් මට සෑහෙන්න හමු වෙලා තිබෙනවා. මම දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස විශ්වාස කරන්නේ දැනුම කියන්නේ අනුන්ට ප්‍රදර්ශනය කිරීමට තිබෙන දෙයක් නොවෙයි කියලායි. දැනුමින් අප කළ යුතුව තිබෙන්නේ අපේ චරිතය හැඩගස්වා ගැනීමයි. එහෙත් අවාසනාවට වගේ ලංකාවේ පසුගාමී සමාජයේ පෙරටුගාමීන් පවා කරන්නේ තමන් කියවූ පොත්වලින් ගසා අනුන්ගේ ඔලු පලන්න උත්සාහ කිරීමයි. ගොඩා.........................ක් පොත් කියවන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ බුද්ධිමතුන් කියන්නේ මම මේ බ්ලොග් එකේ ලියන්නේ මගේ මූණ කැත නිසා ය කියා ය. මම කියන්නේ පොත් කියවනවා  ය, දැනුමින් හා මනෝ විද්‍යාවෙන් ද තමන් මාරෙට සන්නද්ධ ය කියන දීප්ති තුමාර ගුනරත්න වගේ කෙනෙකුට තවත් කෙනෙකුගේ මුහුණ කැත ය කියා නො කියා සිටින්න තරම් ශික්ෂණයක් ගොඩනැගී තිබිය යුතුයි. දීප්තිත් මං වගේ අනුන්ගේ මුහුණු කැතයි කියන්නට පෙර කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බලනවා නම් ඔහොම කරන එකක් නැහැ.  ඊයේ මා සමග කතා කළ සිරිමල් විජේසිංහ පළ කළ අදහසක් මගේ සිත් ගත්...