වෙන් වීම වෙනුවට එක් වීම තහවුරු කළ ස්වයං නිර්ණය සඳහා වූ ස්කොට් ජනමතවිචාරණය
ලෝකයේ රාජ්‍ය දේශ සීමා යනු ඉතිහාසය තුළ ඝනීභූතව තිබුණු දෙයක් නො වේ. මිනිසුන් විසින් නිරන්තරයෙන් ම දේශ සීමා වෙනස් කරමින්, තිබුණු රාජ්‍ය පුළුල් කරමින් හෝ අලුත් රාජ්‍ය බිහි කරමින් රාජ්‍ය ව්‍යූහයන් වෙනස් කර තිබේ. බොහෝ විට මෙය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයක් තුළ බල තුලනය අනුව ය. එහෙත්, ප්රජාතන්ත්රවාදය තුළ ජාතීන්ට රාජ්‍යයන් බිහි කර ගැනීමට තිබෙන අයිතියට පිළි ගැනීමක් තිබේ. එක් ජාතියකට එක් රාජ්‍යයක් යනු ධනවාදයේ මුල් යුගයේදී පිළි ගත් දේශපාලන සටන් පාඨයක් විය. ඒ අනුව ලෝකයේ රාජ්‍ය පද්ධතිය නැවත හැඩ ගැසෙන ආකාරය 19වන සියවසේදී හා 20වන සියවසේදී දැකිය හැකි ය. එහෙත්, සමාජවාදී සෝවියට් රාජ්‍ය කඳවුරත්, ධනේශ්වර කඳවුරත් අතර සීතල යුද සමයේදී ජාතී්න්ගේ ස්වයං තීරණ අයිතිය ද තීරණය වුණේ ලෝක බලවතුන්ගේ යුද මූලෝපායික අවශ්‍යතා මත පදනම්ව ය. සමාජවාදී සෝවියට් දේශය ජාතීන්ගේ ස්වයං නිර්ණ මූලධර්මයට පිටු පා යමින් සාර් අධිරාජ්‍යය තුළ තිබූ රාජ්‍ය හා වෙනත් රාජ්‍ය බලෙන් ඈඳා ගනිමින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහි කිරීමත් සමග අධිපති සමාජවාදී කතිකාව තුළ ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම හුදු න්‍යායක් පමණක් වනු දක්නට ලැබේ. සෝවියට් සම...