Posts

Showing posts with the label සරත් ෆොන්සේකා නිදහස් කිරීම

සරත් ෆොන්සේකාට නිදහස ලැබෙන්නේ නැත

Image
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණය දුන් දඬුවම අවසන් ද නැද්ද යන ප්‍රශ්නය මතු වී තිබේ. සරත් ෆොන්සේකාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය අහිමි කිරීමේදී යුද්ධාධිකරණය ද ලංකාවේ අනෙකුත් අධිකරණ හා සමාන ආයතනයක් ලෙස පිළි ගැනිණි. එහෙත් දැන් බන්ධනාගාර කොමසාරිස්වරයා පවසන්නේ යුද්ධාධිකරණයෙන් දුන් දඬුවම් සාමාන්‍ය අධිකරණයකින් දුන් දඬුවම් පරිද්දෙන් ගෙවී අවසන් නො වන බවයි.  ‍ෆොන්සේකාට එරෙහිව දුන් තවත් නඩු තීන්දුවකට එරෙහිව ඔහු අභියාචනා කර තිබේ. ඔහුට එරෙහිව තවත් නඩුවක් ද ඇත.  අවශ්‍ය නම් තවත් නඩු ද පැනවෙනු ඇත. තවත් සිර දඬුවම් ද පැනවෙනු ඇත.  ෆොන්සේකාට දැන් අසනීප ය.ඒ නිසා ඔහුට නිදහසක් ලැබෙනු ඇතැයි ඔහුට ආදරය කළ ඔහු යුද වීරයකු ලෙස සැලකූ ජනතාව බලාපොරොත්තු වෙති.  අප ඔහු යුද වීරයකු ලෙස නො සලකන අතර ඔහු අපට වීරයකු වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහු සිය ජීවිතයේ එක් අවධියකදී පෙනී සිටි නිසා පමණි.  අපට අවබෝධ වන පමණින් නම්, ෆොන්සේකා මරණාසන්න වන තුරු ඔහුට නිදහසක් ලැබෙන්නේ නැත. ඔහු නිදහස් කිරීමට පාලකයෝ බිය ය. ඒ අන් කිසි හේතුවක් නිසා නොව මැරෙන්නට මොහොතක් තියා හෝ ඔහුට වත්මන් ප...