Posts

Showing posts with the label සරත් ප්‍රනාන්දු

71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

Image
ඡායාරූපය: විකල්ප අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය. සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත. එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළෙමි. අලියාට තම පුංචි ඇසින් තම විශාලත්වය නො පෙනෙන්නා සේ සරත් ප්‍රනාන්දු තම ස්වයං ලිඛිත චරිතාපදානය පිටු කීපයකට සීමා කර ඇත. ඔහු පිළිබඳ අප දන්නා බොහෝ දේ ද ඔහුගේ චරිතාපදානයේ නැත. සමාජ සාධාරණත්වය වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරා ම සටන් කළ සරත් ප්‍රනාන්දු සිය ජීවිත කතාව ලියූ ආකාරයෙන් සමාජයට බරපතල අසාධාරණයක් කර ඇති බව මගේ අදහසයි. ඉංජිනේරු උපාධිය අතහැර දමා කැරැලිකරුවකු වී, පසුව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රට පුරාත්, ලොව පුරාත් සැරිසරමින්, ජනතාව සමග සංවාදගත වෙමින්, දැක්ම නිර්මානය කරන්නකු ලෙස ඔහු රැඟූ විශිෂ්ට භූමිකාවේ ඓතිහාසික උරුමය ඔහුගේ පොතෙන් සමාජයට ලැබෙන්නේ අඩුවෙනි. 71 කැරැලිකරුවන් වී, ඉන් පසු සමාජ ක්‍රියාකාරිකයන් ලෙස සුවිසල් වැඩකොටසක් කළ, දැන් ජීවිතයේ සැඳ...

සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ දේශපාලන ජීවිතය

Image
සරත් ප්‍රනාන්දු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. ඔහු ගැන මේ කෙටි සටහනින් අප විමසන්නේ ඔහුගේ සමාජවාදී ජීවන භාවිතාවන්ගේ වැදගත්කමයි.  ඔහු පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු සිසුවකු ලෙස උගනිමින් සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ලෙන් පසු ඔහු ගොවි ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස නව දේශපාලන ගමන් මගකට යොමු වූයේ ය. පසු කලෙක යොහාන් දේවානන්ද පියතුමන් සමග එක්ව රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනයට පිවිසි ඔහු ඉන්පසු එක් රාජ්‍ය නොවන සංවිධාන ධාරාවක ජාත්‍යන්තර මට්ටමේ න්‍යායාචාර්යවරයෙක් හා වෘත්තිකයෙක් බවට පත් විය. එහෙත්, ඔහුගේ ජීවිතයේ ආත්මය වූයේ සමාජ අසාධාරණයට එරෙහිව අවදි වූ අර පරණ තාලේ කැරැලිකරුවා ම ය. ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) නායකයා ලෙස ඔහු විසින් ලාංකීය සමාජයටත්, ලෝක සමාජ අරගලයටත් කළ දායකත්වය සුවිසල් එකකි.  විකල්ප සමාජ, දේශපාලන හා ජීවන භාවිතාවන් පිළිබඳ කතිකාවට ඔහු විසින් කරන ලද මැදිහත්වීම සුළුපටු නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම මතවාදී අරගලකරුවෙකි. ඔහු විසින් පෝෂණය කරන ලද සංවාදය අනෙකක් නොව, සමාජවාදී සමාජ අරගලය...

දිළිඳුභාවය නැති කිරීම සඳහා වැඩියෙන් දිළිඳුභාවය ඇති කිරීම

Image
සරත් ප්‍රනාන්දු (2011 පෙබරවාරි 01,  W3Lanka )   පහත පළ වන සටහන උපුටා ගනු ලැබුවේ සරත් ප්‍රනාන්දු විසින් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පිළිබඳව ලියන ලද දීර්ඝ ලේඛනයක් වන Twenty Years Journey Towards a World of Humanness වෙතින් උපුටා ගනු ලැබූ කොටසකි. අප එය මෙහි පළ කරන්නේ සමාජවාදය පිළිබඳ ධනවාදයට එරෙහි වෙමින් අප විසින් ගොඩනැඟීමට උත්සාහ කරන සංවාදයේදී ධනවාදයේ ප්‍රවර්ධකයන් විසින් අගයනු ලබන නව ලිබරල් උපාය මාර්ගය පිළිබඳ පැහැදිලි, නිරවුල්, ගැඹුරු විවේචනයක් එහි අඩංගු වන බැවිනි. සමස්ත ලේඛනය සඳහා monlar@sltnet.lk විමසන්න.  ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ වෙබ් අඩවිය http://www.monlar.net/ අපගේ ආර්ථිකයන් ගෝලීයකරණයට සම්බ්න්ධ කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන පිරිස් නිතර කරන ප‍්‍රකාශයක් වන්නේ වත්මන් ලෝකයේ කිසිදු රටකට හුදකලාව සිටිය නො හැකි බවයි. අප ලෝකයත් සමග සම්බන්ධ වීම යනු අප සූරා කෑමේ හා විනාශකාරී ගෝලීයකරණයේ බලවේග හමුවේ යටත් විය යුතු බව නො වේ. එවන් යටත් වීමක් විසින් අප තව දුරටත් විනාශයට නිරාවරණය කරනු ලැබේ. 1977 සිට ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ප‍්‍ර...

ඉදිරි මහ මැතිවරණයේදී රටේ සියලූම පීඩිත ජනතාව ඒකරාශී කිරීමේ දළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් | A draft manifesto to unite all Sri Lankan downtrodden masses at the general election

සරත් ප්‍රනාන්දු විසිනි (සංවාදයට විවෘතයි) නිදහස ලැබී වසර 62 ක් ගත වී ඇත. ඒ කාලය තුළ මැතිවරණ ගණනාවක් පැවැත් වු අතර රටේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ අපේක්‍ෂාවෙන් වරින් වර පක්‍ෂ මාරු කරමින් නියෝජිතයින් පත් කර පාර්ලිමේන්තුවට යවන ලදී. එහෙත් රටේ ප‍්‍රශ්න අවම කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා උග‍්‍ර වීමයි. මේ මොහොතේ අප සිටිනුයේ තවත් මහ මැතිවරණයකට සූදානම් වෙමිනි. නැවත වතාවක් සියල්ල පැත්තකට තබා තම තමන් කැමති පක්‍ෂය හා පුද්ගලයා දිනවීම සඳහා කටයුතු කිරීමට මහජනයා අතරින් බොහෝදෙනෙක් වෙහෙස වනු ඇත. මෙකී තමන්ගේ න්‍යාය පත‍්‍රයන් වෙනුවට පොදු න්‍යාය පත‍්‍රයකට අවධානය දීම අත්‍යවශ්‍ය වන්නේ ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බැවිනි. මෙහි ඇත්තේ සියලූ පිඩිත ජන කොටස්වල එකාබද්ධ ප‍්‍රකාශනයක් සදහා දළ කෙටුම්පතකි. 1. සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායික ප‍්‍රමාණවත් ආහාර වේලක් සහ ජලය ලැබිමේ අයිතිය සහතික විය යුතුයි කම්කරුවන්ට යහපත් ජීවන මට්ටමක් ළඟා කර ගැනීමට හැකි හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි යහපත් වැටුප් මට්ටම්, සේවා තත්වයන් හා රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන කම්කරු නීති අනුමත කිරීම හා ක‍්‍රියාවේ යෙදවීම. වෘත්තීය සමිති ක‍්‍රිය...