Posts

Showing posts with the label සම්පත් අත්තටගේ

සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම

Image
අනුග්‍රහය සම්පත් අත්තටගේ ජාතිවාදය කියන්නේඉතාම පහසුවෙන් හදන්න පුළුවන් කෑමක් වගේ දෙයක්. ඕනෑම කෙනෙකුට මහගන්න පුළුවන් ඇඳුමක් වගේ දෙයක්. ඕනෑම පහත‍් මිනිහෙකුට වීරයෙක් වන්න පුළුවන් දැක්මක්.  මේක හරි සරළයි. අපි අතර ඕනැ තරම් ඉන්නේ තමන් අනෙක් අයට වඩා මාර ශ්‍රේෂ්ඨ පොරක්ය කියා සිතාගෙන ඉන්න අය. පවුල්වල මේ වගේ අය ඉන්නවා. උන් අනෙක් අයගේ අවස්ථා පැහැර ගන්නවා. සැමියා බි රිඳට වඩා උසස් යයි කියා තත්වයක් ඇති කරගෙන බිරිඳව සූරා කනවා. සහෝදරයෝ තමන් උසස් යයි කියලා තත්වයක් නිර්මානය කරගෙන එක බඩවැල කඩාගෙන උපන් සහෝදරියන්ගෙන් පවුලේ දේපල ටික පැහැර ගන්නවා. ප ොදු සමාජ ය ේ ඉන්න මේ වගේ අය අනෙක් මිනිසුන්ව පාගනවා. ‍දේශපාලනයට යනවා. අනෙක් මිනිසුන්ව පමණක් න ො වෙයි රටත් සූරා කනවා. රජයේ ආයතනවල, පෞද්ගලික ආයතනවල සේවය කරන මෙවැනි අය තමන්ගෙන් සේවය ලබාගන්න එන අයට හරි සේවාවක් සපයන්නේ නැහැ. සගයන්ව කපා ගෙන යන්න උත්සාහ කරනවා. නිතරම තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන කතා කරමින්, අනුන්ගේ නුගුණ ගැන කියමින් තමන්ට නිසි තැන නොලැබෙන බව කියමින් කෙඳිරිගාමින්, හරි හැටි වැඩක් පලක් නොකර ඉන්න මිනිසුන් සමාජයේදී ඔබ ඕනෑ තරම් දැක ඇති. ඉතින් අපි ...