Posts

Showing posts with the label සමන්තභද්‍ර

හාමුදුරුවෝ හරි ආඳා

Image
අද පෝය නොවැ. උදේ පාන්දර ම අතගැහුවේ හාමුදුරු කෙනෙකුගේ සම්මුඛ සාකච්ඡාවක් පරිවර්තනය කරන්න. පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ තමන්ට සූක්ෂම ජීව විද්‍යාව ගැන උපාධියක් තිබෙනවා යි කියාගෙන විද්‍යාව ළාවට බුදු දහමට මුසු කරමින් බණ කියා ජනප්‍රියත්වය දිනා ගත් කෙනෙක්. ඒ කාලේ චිචිත්‍ර ධර්ම කථිකයන් 2004දී ජාතික හෙළ උරුමය හරහා පාර්ලිමේන්තුවට ගිහින් පළමු රැස්වීමෙදි ම මර්වින් සිල්වාගේ ඇට පුසි කිරීමේ දානයකුත් වැළඳුවා. ඒත්, මොකක්දෝ හේතුවක් නිසා සිරිධම්ම හාමුදුරුවෝ ඒ රැල්ලේ හිටියේ නැහැ. ඒ හාමුදුරුවෝ අසපුවක් එහෙම සැප පහසුවට හදාගෙන ඉන්න ගමන් ඔන්න පසුගිය දවසක දුන්නා නියම මාකටිං ප්‍රහාරයක්. එයා රහත් වුණා ය කිව්වා. ඉතින් කට්ටිය රෙදි උස්සගෙන බනින්න පටන් ගත්තා. අපි නම් ඉතින් ඔව්වා ගැන උපේක්ෂාවෙන් බලන නිසා අපට ඉතින් රහත් වුණත් එකයි, නැතත් එකයි. මට නම් ඉතින් මේ ආත්මෙ විතරයි. නැවත ඉපදීමක් වුණත්, නැතත්, දැන් ඉන්න මට ඒක අදාළ නැහැ නේ. මේ ආත්මේ මිනිස්කමින් යුක්තව ජීවත් වීම තමයි, අපේ ඩියුටිය. සුභාෂිතයේ එන පහත සඳහන් වන කවිය මගේ චින්තනයේ මූලධර්මයක්. ඇතත් නැතත් පරළොව සුදනෙනි මහත හ‍ලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත ...