ජනතාවට කුණු කවන ලංතාවේ 'හෝටල්'
(2011 මාර්තු 20, W3Lanka ) කොළඹ නගරයේ පවත්වාගෙන යන හෝටල් හා ආපනශාලාවලින් ලබාගත් ආහාර සාම්පල් පරීක්‍ෂණයට භාජන කිරීමෙන් අනතුරුව ඉන් 18% ක විෂබීජ මිශ්‍රව තිබූ බවට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙළි කර ඇති බව අද දිවයින වාර්තා කරයි. හෝටල්වල පිළියෙල කරන ආහාර මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහතික කිරීම සඳහා සෑම හෝටලයක්‌ම නිතර පරීක්‍ෂාවට භාජන කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ද, හෝටල් හා ආපනශාලා පවත්වාගෙන යැමට බලපත්‍ර නිකුත් කිරීමේදී ජනතාවගේ සෞඛ්‍යය ආරක්‍ෂා වන පරිදි ක්‍රියා කළ යුතු බවට දැඩි කොන්දේසි මාලාවක් පැනවීමට ද දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දිවයින පවසයි. අපිරිසිදු ආහාර අලෙවි කළ කොළඹ හෝටල් 100 කට එරෙහිව නඩු පැවරීමට කොළඹ මහ නගර සභාව පියවර ගෙන ඇති බව එහි මහජන පරීක්ෂක ඩබ්ලිව්.ජී.කරුණාතිලක මහතා අද ඊතලය වෙබ් අඩවියට පවසා ඇත. හෝටල් සේවකයන් අතර ක්‍ෂය රෝගය වැනි බෝවන රෝගවලින් පෙළෙන අය සිටිනවාද යන්න සොයා බැලීමට සෑම දෙනෙක්‌ම දැඩි පරීක්‍ෂාවට භාජන කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ නගරයේ හෝටල් සේවකයන් විශාල පිරිසකට සෙංගමාලය සහ ක්ෂය රෝගය වැළ...