විදෙස්ගත අනතුරට පත් සැබෑ මාධ්‍යකරුවන් වෙනුවෙන් කුමක් කරමු ද?
මේ වන විට සරණාගතයන් ලෙස නේපාලය හා තවත් රටවල ජීවත් වන ශාන්ත විජේසූරිය, ජයම්පතී බුුලත්සිංහල වැනි මාධ්‍යකරුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමෙන් පසු ලංකාවට පැමිණීමට අවශ්‍යතාව තිබුණත් ආපසු පැමිණීමට නො හැකි වී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ඔවුන් ආපසු එන්නට නම් නේපාලයේ වීසා නොමැතිව සරණාගතයන් ලෙස රැඳී සිටි කාලය වෙනුවෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදු වී තිබීමයි. මේ අනුව, වසර තුනකට ආසන්න කාලයක් නේපාලයේ සරණාගතයකු ලෙස රැඳී සිටින ශාන්ත විජේසූරිය ආපසු එන්නට නම් නේපාල රජයට රුපියල් ලක්ෂ හතක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බව ඔහු විවර ඊ නිව්ස් වෙබ් අඩවියට පැවසුවේ ය. මෙවැනි මුදලක් ගෙවීමේ හැකියාවක් දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාධරයකු හා මාධ්‍යකරුවකු වන ශාන්ත විජේසූරියට නැත. ශාන්ත විජේසූරියට ලංකාවට එන්නට ඇත්තෙන් ම උවමනාවක් තිබේ ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත්, ජයම්පතී බුලත්සිංහලට නම් එවැනි උවමනාවක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ ය. ශාන්ත ජයසූරිය එඩිතර මාධ්‍යකරුවෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු රජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එම ඝාතන සිදු කළ ආකාරයේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඔහුට ධෛර්යය තිබිණි. ඒ ව...