සතර සංග්‍රහ වස්තු හා ඇමති බන්දුලගේ දානමය පිංකම | Minister Bandula's alms giving and Sirasa
(2011 මාර්තු 20, W3Lanka ) සිරස අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ මානව හිමිකම් බිඳ ඇත. සිය මවට සෙත් පතා දානමය පිංකමක් පැවැත්වීමට තමන්ට අයිතියක් ඇති බව හේ පවසයි. එහෙයින් තමන්ට අපහාස කිරීම ගැන සිරසට එරෙහිව නඩු දමන බව ද ඇමතිවරයා පවසයි. මෙම මතභේදාත්මක දානමය පිංකම පැවැත්වී තිබෙන්නේ හෝමාගම මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ය. මේ වනාහි රටේ ම අධ්‍යාපනය භාර ඇමති බන්දුල විසින් සිය ඡන්ද පදනම වන හෝමාගම ප්‍රදේශයේ මහජන මුදලින් ඉදි කරන ලද පාසලකි. එහෙම කියා එය එතුමන්ගේ පෞද්ගලික බූදලයක් වන්නේ නැත. මේ දානය පැවැත්වෙන්නේ පළාත් පාලන ඡන්දයට කලින් දවසේ ය. ඒ වන විට ඡන්දය වෙනුවෙන් පාසල්වලට නිවාඩු ලබා දී තිබුණ මුත්, සිසුන් හා ගුරුවරුන් මෙම දානය වෙනුවෙන් පාසලට කැඳවා තිබිණි. එපමණක් නොව, ඒ බදාදා දිනය මහජන දිනයක් බව හෝ නො සලකා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීහු ද දානයට වැඩම කර සිටිය හ. ඒ මහජන මුදලින් ධාවනය වන නිල රථවලිනි. දානයට වියදම ඇමතිගේ අතින් බව වාර්තා වේ. සිරස ඇසූ ප්‍රශ්නයක් වන්නේ නිලධාරීන් පැමිණි වාහනවල වියදම් කාගේ ද යන්නයි. එසේ ම, දුර බැහැර සිට ඉසුරුපායට එන ජනතාව...