සංස්කෘතික ඇමතිගේ වාහනයට මාසයක වියදම පුරාවස්තු මුරකරුවකුට දෙවසරක් පඩි ගෙවන්න ඇති
(2009 අගෝස්තු 21 - W3Lanka) ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්කෘතික ඇමැති පියසිරි විඡේනායක භාවිත කරන මිට්ෂුබිෂී මොන්ටෙරෝ රථය වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් 210,440 ක් ගෙවා මාසිකව රුපියල් 180,290 ක ඩීසල් ද ගසන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්රී දයාසිරි ජයසේකර මහතා 20 දා පාර්ලිමේන්තුවේදී පැවැසීය. පසුගියදා නිදන් හොරුන් විසින් පුපුරවන ලද මිහින්තලේ මිහිඳු ගුහාවේ මහින්ද මහරහතන් වහන්සේ සැතපුණේ යයි විශ්වාස කෙරෙන ශෛලමය යහන මුර කිරිම සඳහා රු. 15,000 බැගින් පඩි ගෙවා මුරකරුවකු දෙවසරක් යෙදවීමට මේ මුදල සෑහේ. එහෙත්, රටේ සංස්කෘතිය රැක ගැනීම සඳහා අලුත පත් කරනු ලැබූ මේ ඇමතිට තවම මාසයකට වඩා ඇවිදින්න ලැබුණේ නැත. හොඳින් ඇවිද සංස්කෘතියට කෙළ වී ඇති ආකාරය සොයා බලන්නේ නැතිව සංස්කෘතිය රැක ගන්නේ කෙසේදැයි ඇමතිට පක්ෂව තර්ක කරන මහජනතාව අසති.