Posts

Showing posts with the label සංස්කෘති

අවුරුද්දට තෑග්ගට පොතක්! සයිබර් අවකාශයෙන් බැහැර මහ පොළවේ අත්දැකීමක්

Image
(2011 අප්‍රේල් 10, W3Lanka ) සයිබර් අවකාශයෙන් මහ පොළවට එන්නැයි ඇතැම් පණ්ඩිතයෝ අපට උපදෙස් දුන් හ. තවත් සමහරු අපට අභියෝග කළේ කොළඹින් ගමට එන්නැයි කියා ය. ඒත්, අපි හැමදාමත් ජීවත් වුණේ ගමේ ය. සයිබර් අවකායට පිවිසුණේ ද ගමෙන් ම ය. සයිබර් අවකාශයට වඩා වැඩි කාලයක් අපි මහ පොළවේ කරක් ගැසුවෙමු. මහ පොළව කටුක වුණත්, ෆේස්බුක්, ට්විටර්, බ්ලොගර් හා ජීමේල්වලට වඩා සජීවී ය. ඒ නිසා අපි මහ පොළවට ආදරය කරමු. අපි අලුතෙන් වැඩකට අත ගැසුවෙමු. මහ ලොකු දෙයක් නො ව සංස්කෘතික කේන්ද්‍රයක් ඇරඹීමේ උත්සාහයකි. මතුගම, අගලවත්ත පාරේ, අංක 220 යන ස්ථානයේ අපි සංස්කෘති නමින් මධ්‍යස්ථානයක්, ආයතනයක් වැනි දෙයකට මුල පිරුවෙමු. අලුත් අවුරුද්දට පොතක් තෑගි දෙන්න යන තේමාවෙන් අපි පොත් ප්‍රදර්ශනයක් පවත්වන්නෙමු. ‍අගහස් ප්‍රකාශන ආයතනයේ රංජිත් දිසානායක සහෝදරයා අපට ‍පොත් රැසක් ණයට දුන්නේ ය. අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය ප්‍රචාරයයි. මේ පිළිබඳවා පාසල් සිසුන් හා ‍ජනතාව දැනුවත් කරන ලෙස අප ප්‍රදේශයේ විදුහල්පතිවරුන්ගෙන් හා සෙසු ආයතන ප්‍රධානීන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ සුළු පිරිසකි. කොළඹ පත්තරවලින් ද ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා ගැනීම...