Posts

Showing posts with the label සංගීත

ජෝති කියන්නේ අව්‍යාජ, ජෝතිමත් ජීවිතයක්

Image
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්. ආර්. ජෝතිපාල හෙවත් අප කවුරුත් දන්නා ජෝති මිය ගොස් වසර විසි හයක්. අද නාඹර තුරුණු වියේ සිටින අයත් ඉපදී ඇත්තේ ජෝති මිය ගිය පසුවයි. මේ ලියන මම ඉපදුණේ, ජීවත් වුණේ ජෝතිපාලලා අතින් මෙහෙයවුණු හෝ නො මෙහෙයෙවුණ නිසා ම සුන්දර වූ සංගීත ලෝකයක. ඒ කාලේ කියන්නේ මහගම සේකරලා බස් එකේ යන ගමන් අහුලා ගත් හිස් සිගරැට් පැකට්ටුවක කවි ලියපු, ප්‍රේමකීර්තිලා කාර් බොනට් එක උඩ තියාගෙන අමරණීය ගී ලියපු, ජෝතිලා හිතවතුන්ට කමිසය පවා ගලවලා දීපු, නාට්‍යකාරයෝ එකට වැටිලා ඉඳගෙන නාට්‍ය කරපු, කවුරුත් සතුටින් ඉන්න උත්සාහ කළ, වඩා නිදහස් ලිංගික ඇවතුම් පැවතුම් තිබුණු, ඒවා ගැන මහ ලොකු පශ්චාත්තාපයකුත් නො තිබුණු, අව්‍යාජ ජීවිත අගය කෙරුණු යුගයක්. මම ළමයෙක් කාලෙ, ඒ කියන්නේ හැත්තෑව දශකයේදී මට මතකයි, අපි මුලින් ස්වාභාවිකව ම ඇලුම් කළේ ජෝතිට; ජෝතිගේ වේග රිද්මයට; හින්දි චිත්‍රපට සංගීත නැඹුරුවට; අපේ ප්‍රියතම සංගීත භාණ්ඩ වන ඩොල්කියට, ඩ්‍රම් සෙට් එකට ඒ ගීතවල තිබුණු හිතවත්කමට. අමරදේවගේ රිද්මය එතකොට අපට කම්මැලියි. තබ්ලා අරහන්. පස්සේ කාලෙක රුසියානු සාහිත්‍යය, සිළුමිණේ ශාස්ත්‍රීය ලිපි එහෙම කියවලා, ගු...