Posts

Showing posts with the label සංක්‍රමණිකයෝ

විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය

Image
මොහොතකට කලින් එක්තරා පුවත්පත් කතුවරයකුගේ ෆේස්බුක් ගිනුමක දුටුවා, ඔහු ස්ථිරවම ලංකාවෙන් පිට වී වෙනත් රටකට සංක්‍රමණය වන්නට යන බව.  මේ කතුවරයා සිංහල ජාතිකවාදී අදහස් ඇති තරමක් ලිබරල් නැඹුරුවකිනුත් යුත් කෙනෙක්. සිංහල ජාතිකවාදීන් පවා අවසානයේදී කරන්නේ මේ දේ. අඩු තරමේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හෝ ඔවුන් තෝරා ගන්නේ බටහිර, සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේ විසඳුමයි. මා නිරීක්ෂණය කර ඇති ආකාරයට ලංකාවේ වඩාත් ම උන්නතිකාමී මධ්‍යම පංතික බලවේගයේ ස‍ිහිනය සංක්‍රමණයයි. මෙහි තිබෙන පරස්පරය වන්නේ වැඩියෙන් ම දේශප්‍රේමී, ජාතිකවාදී, ආගම්වාදී අදහස් දරන්නේ ද මෙම බලවේගය ම වීමයි. දකුණේ ‍මහින්ද රාජපක්ෂ හා උතු‍රේ ප්‍රභාකරන් මෙම බලවේගයන්ගේ නිර්මාණ වෙති. එහෙත් ඔවුන් යන්නේ ලෝකෙන් උතුම් ම රට, ලෝකෙ හොඳ ම වතුර, සිංහල ගම, සරම හා බැනියම, බුලත් විට, සිංහල හාලේ බත් විතරක් නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුදු දහම, ජාතිකවාදී දේශපාලනය හා සිංහලයන්ගේ අහවල් එක වන මහින්ද චින්තනය ද මෙහි තබා ය. දෙමළ අය නම් අපට ඉතිරි කර යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ය. අප මේ කියන කාරණය සිංහල මෙන් ම දෙමළ ඩයස්පෝරාවට ද පොදු ය. රුද්‍රකුමාර්ට මෙන් ම ගෝඨාභය...