Posts

Showing posts with the label ෂෙල්

පන්සීයට විකුණා දාහට ගත් ගෑස් කොම්පැනිය හා රජයේ බිස්නස් | State business: Colombo Gas sold at US $ 37 million bought back for US $ 63 million

Image
(රාජ්‍ය ආයතනයක්‌ වූ මැරයින් සර්විසස්‌ සමාගම සහ එහි දේපළ ජෝන් කීල්ස්‌ සමාගමට අලෙවි කිරීමේදී  සිදු වූ දූෂණ සම්බන්ධව වැරදිකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද පී.බී. ජයසුන්දර  ෂෙල් සමාගම මිළ දි ගැනීමේ ගිවිසුමට අත්සන් තබමින්  (ඡායාරූපය කලම්බු පේජ් වෙබ් අඩවියෙනි.) ( 2010 නොවැම්බර් 04,  W3Lanka )   රජය ෂෙල් ගෑස් කොම්පැනිය මුළුමනින් ම තමන් සතු කර ගත්තේ ය. මීට පෙර ද එහි කොටස් 49%ක් හිමි ව තිබුණේ රජයටයි. එහෙත්, රජයට දෙකෙන් පංගුවකට ආසන්න හිමිකමක් තිබුණු මෙම සමාගමට ද ආණ්ඩුව ගෑස් මිළ ඉහළ යාම පිළිබඳ බනිමින් සිටියේ උඩ බලාගෙන කෙළ ගසන්නා සේ ය. දැන් කාටවත් බනින්නට හෝ කාගේවත් ගෑස් බලන්නට හෝ ඕනෑ නැත. දැන් ගෑස් අපේ ය. අපේ කිව්වාට රජයේ ය. රජය අපේ යයි කියනු ලැබේ. ඒ නිසා අපේ ගෑස් අපට ගෑස් පෙන්නනු ඇතැයි සිතිය නො හැක. මුදල් හා ක්‍රම සම්පාදන ඇමැතිවරයා ද වූ ජනාධිපතිවරයා ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන හරහා 2009 නොවැම්බර් 04දා පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලිඛිත පිළිතුරක සඳහන් වන පරිදි, එවකට මිල රුපියල් 1560 ක්‌ පමණ වූ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්‌ත ගෑස්‌ සිලි...

එක් කෑම වේලක් පිසින්න යන ගෑස්වලින් පමණක් ආණ්ඩුවට රු. පහක් විතර බදු

Image
(2009 සැප්තැම්බර් 01 - W3Lanka) කිලෝ 13.5 ෂෙල් ගෑස් සිලින්ඩරයක මිළ රු. 103කින් ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක මිළ රු. 69කින්ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම්වලට අවසර දී තිබේ.  ඒ අනුව ෂෙල් දැන් රු.1550කි. ලාෆ් රු.1476කි. සාමාන්‍යයෙන් ගත් කල ඉතා පිරිමැස්මෙන් ගෑස් භාවිතා කරන පස් දෙනෙකුගෙන් යුත් පවුලකට එක් ආහාර වේලක් පිසීම සඳහා රු. 10ක් පමණ වැය වේ. ගෑස් මිළ වැඩි වන්නේ ලෝක වෙළඳපොළේ මිළ වැඩි වීම නිසාය යන සුපුරුදු මන්තරය දැන් යළිත් මතුරනු ඇසේ. ඇත්තෙන්ම ලංකාවේ ජනයාට ගෑස් සඳහා මෙතරම් මිළක් ගෙවීමට සිදු වී තිබෙන්නේ රජය අය කරන සියයට සියයකට ආසන්න ඍජු හා වක්‍ර බදු නිසා බව අපේ අදහසයි. එය එසේ නොවේ නම් ගෑස්වලින් අය කරන සැබෑ බදු ප්‍රතිශතය කීයදැයි රජය හෙළිදරව් කළ යුතුය. බත් පත උයා ගන්නා ගින්දරිනුත් මෙපමණ බදු ගින්දරක් දෙන රජය අපට සලසන සේවාව කුමක්ද?