ශාස්තෲ සහ ඇදහිලි කල්ලි | Shasthru novel and the cults
නිශාන්ත කුලරත්න විසිනි “ලියන්නට ඇති කතා බොහෝ ය. එහෙයින් ඔබේ අදහස් මට බොහෝ වටී." ශාස්තෘ නවකතාවෙ පෙරවදනේ එහෙම තියනව. ශාස්තෘ නවකතාව ගැන කෙරෙන අදහස් දැක්වීමකට පොත එලිදැක්වීමේ උත්සවේදී පළකෙරුනු අදහස්වලින්ම මුල පිරීම හොඳයි කියල මට හිතුනෙ දේශන මාතෘකාව 'ශ්‍රී ලංකාවේ කැරලි සහ සාහිත්‍යය' වුනාට දේශකයො දෙන්නම කතා කලේ පොතේ තේමාව ගැන නිසයි. උදාහරණ ගණනාවකට් යමින් කෙරුනු නිර්මාල්ගෙ කතාවෙ මූලික ලෙස කියවුනේ මේ යුගයේ ලංකාවේ බිහිවන බොහෝ නවකතාවල, මීට දශක කිහිපයකට පෙර කෙරුනු නිර්මාණවල අමතර තේමාවක් ලෙස කියවුනු, "ලෝකය වෙනස් කරන්න හදන කතා නායකයා 'යථාර්තයෙන්' වෙන් වූ ලෝකයකට යාම" නම් තේමාව කේන්ද්‍රය වී ඇතිබවයි. ප්‍රධාන පෙලේ කලා විචාරකයන් මේ තත්වය "අමූලික කෙප්ප " ලෙස සලකනමුත් තමන් අජිත් බැරැරුම් ලෙස සලකන නිසා මේ කාරණාව කතාබහට ලක්විය යුතු බව ඔහු යෝජනා කලා. සුනිල් විජේසිරිවර්ධන පළකල අදහස්වල නවකතාවෙ තේමාව ගැන වගේම ඉදිරිපත් කිරීම ගැනත් කතා වුණා. තේමාව ගැන ඔහු ඉදිරිපත් කල අදහස් මූලික ලෙස යොමුවුනේ පොත තුල කියවෙන "සූර්ය ප්‍රජාව" නම් කණ්ඩායම පිලිබඳවයි. පොත තුළ...