රාජපක්ෂ පවුලේ ශ්‍රීලංකට් ගුවන් සේවය

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සිදු වී තිබෙන දූෂණ, වංචා හා ලිංගික අපචාර රාජපක්ෂ පවුලේ මජරකමේ තරම සංකේතවත් කරයි. අදාළ පරීක්ෂණ වාර්තාව විසින් ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ හා එහි ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ ක්‍රියා හෙළිදරව් කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව සඳහන් කර තිබේ. හිටපු ජනාධිපති 'ආර්යා' ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ 67 හැවිරිදි ජ්‍යේෂ්ඨ පුරවැසියා ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කර තිබෙන්නේ අන්ත:පුරයක් ලෙස බව වාර්තා වේ. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් ද ඉතා පහළ මට්ටමක ඒවා ය. ගුවන් තොටුපළ සමීපයේ ජීවත් විය යුතු බව කියා ඔහු විසින් කුලියට ගන්නා ලද සුවපහසු නිවාස දෙකක් ඔහු විසින් පරිහරණය කර තිබෙන්නේ කාම සම්භෝගය සඳහා බව වාර්තා වේ. කල්බදු පහසුකම් මත සුඛෝපභෝගී වාහන දෙකක් මිළ දී ගැනීම සඳහා නිශාන්ත හා කපිල චන්ද්‍රසේන වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබේ. ගුවන් සේවිකාවන් තෝරාගැනීමේ කටයුතු පෞද්ගලිකව ම මෙහෙයවා තිබෙන්නේ මේ මහල්ලා ය. ඒ හා සම්බන්ධ කාර්යයන්හිදී ඔහු ලිංගික අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ. ...