ශක්තිමත් සතුරකු නැතිව ආණ්ඩුව ජේඩීඑස් පුම්බයි
(2009 ඔක්තෝබර් 08 - W3Lanka ) කොටි සංවිධානයේ පරාජයෙන් පසු ශක්තිමත් සතුරකු නැතිව අසරණ වි සිටින ආණ්ඩුව ජනතා අවධානය ජීවන වියදම ඇතුළු ආර්ථික ප්‍රශ්නවලින් වෙනතකට යොමු කිරීම සඳහා භාවිතා කරන නවතම බිල්ලා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ නමැති සංවිධානයයි. අද පාර්ලිමේන්තුවේදී හදිසි නීති විවාදයේ පිළිතුරු කතාව පැවැත්වූ අගමැති රත්නසිරි වික්‍රමනායක විසින් හුවා දක්වනු ලැබූ කාරණයක් වන්නේ ලාංකිකයන් කණ්ඩායමක් යුරෝපයේ සිට සන්නද්ධ අරගලයක් සංවිධානය කරමින් සිටින බවයි. ඔවුන් ක්‍රියා කරන්නේ ජනමාධ්‍ය කලාවට, සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙමින් බව ද අගමැතිවරයා පැවසීය. කොළඹට පැනවිත් සිටින කොටි සංවිධානයේ ක්‍රියාධරයන් අවස්ථාවක් ලැබෙනතුරු සිටින බව ද, යාපනයේ මෑතදී සිදු වූ බිම් බෝම්බ පිපිරීමකින් කීප දෙනෙකු මිය ගිය බව ද, හමුදාව සඟවන ලද අවි හා පුපුරන ද්‍රව්‍ය සොයා මෙහෙයුම්වල යෙදී සිටින බව ද අගමැතිවරයා පැවසීය. අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදියෝ නම් සංවිධානයේ නම සඳහන් නො කළ ද පසුගිය කාලය මුළුල්ලේ ම රජයේ මාධ්‍ය, විශේෂයෙන් ම දිනමිණ, ම...