සන්ඩේ ලීඩර් නඩුවේ නීතිඥයන් ද්‍රෝහීන් ලෙස නම් කිරීම පිළිබඳ දෙස් විදෙස් විරෝධය
(2009 ජුලි 14) සන්ඩේ ලීඩර් පුවත්පත හා සම්බන්ධ අපහාස නඩුවකට පෙනී සිටින නීතිඥයන් පස්දෙනෙක් ද්‍රෝහීන් ලෙස නම් කරන ලිපියක් ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳ ජාත්‍යන්තර ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනය සිය කම්පනය ප්‍රකාශ කරයි. "කළු කෝට්කාර ද්‍රෝහීහු එක් වෙති" යන අරුත දෙන සිරස්තලයක් සහිතව පළ වී තිබෙන මෙම ලිපියෙහි ගල්කිස්ස උසාවියේ විභාග වන අදාළ නඩුවෙහිදී සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පස්දෙනා එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටි හා ඔවුන් ආරක්ෂා කළ ඉතිහාසයක් ඇති අය ලෙස නම් කර ඇති අතර නීතිඥයන් තිදෙනෙකුගේ ඡායාරූප ද පළ කර තිබේ. එම නීතිඥවරුන් වන්නේ එකී කීර්තිමත් නීතිඥවරුන් වන උපුල් ජයසූරිය, ශ්‍රීනාත් පෙරේරා සහ එස් සුමන්තිරන් ය. මෙවැනි ආකාරයෙන් පුද්ගලයන් එල්.ටී.ටී.ඊ. හිතෛෂීන් ලෙස නම් කිරීම ඔවුන්ට එරෙහි ශාරීරික ප්‍රහාර ඇති කිරීමට හේතු වී තිබෙන බව මෑත කාලයේදී නිරීක්ෂණවලින් පෙනෙන බව ජාත්‍යන්තර ජනමාධ්‍යකරුවන්ගේ සම්මේලනයේ මහලේකම් අයිඩන් වයිට් පවසයි. මෙම ලිපිය මගින් ප්‍රකාශිත හැඟීම ප්‍රතික්ෂේප කරන ලෙස හා එම ලිපිය ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන...