ජීවිතයට සතුට කැන්දන හැපී ලයිෆ්
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් ප්‍රජනන සෞඛ්‍යය පිළිබද තොරතුරු හා උපදේශන සේවා ලබා දීමේ "හැපී ලයිෆ‍්" ව්‍යාපෘතිය ආරම්භ කෙරේ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙය වීම මත ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. අන්තර්ජාලය ඔස්සේ www.happylife.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මෙන්ම කෙටි පණිවිඩ ඉ- මේල් චැට් සහ දුරකථන මගින් මෙම සේවාවන් ජනතාවට ලබා ගත හැකි වේ. මව්වරු සහ පියවරු , යෞවනයන් සහ යෞවනියන් වශයෙන් ප්‍රධාන අංශ දෙකකට බෙදා එම පිරිස් වලට ගැලපෙන පරිදි මෙම තොරතුරු හා සේවා ලබා ගැනීමට හැකිවීම විශේෂත්වයකි. ප්‍රජනන සෞඛ්‍ය පිළිබද විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් විසින් මෙම තොරතුරු හා සේවාවන් ලබා දෙන අතර සිංහල දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට හැකිවීම තවත් විශේෂත්වයකි. රජයේ රෝහල් සහ එම දුරකථන අංක මෙන්ම වෛද්‍ය සායන පැවැත්වෙන ස්ථානද ජනතාවට ලබා ගත හැකි තවත් එක් පහසුකමකි. මෙම ව්‍යාපෘතිය ජනතාව වෙත හදුන්වාදීමේ නිල උත්සවය නොබෝදා කොළඹ බණ්ඩාර...