Posts

Showing posts with the label ශෂී තරූර්

‍ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් නිසා ඉන්දීය හමුදා සීරුවෙන් තැබූ බවට සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය බොරු - ඉන්දියාව

Image
(2009 නොවැම්බර් 16 - W3Lanka ) හමුදා කුමන්ත්‍රණයක් සිදු වන බව පවසා හමුදා සීරුවෙන් තබන්නැයි ලංකාව ඔක්තෝබර් 15දා ඉන්දියාවෙන් ඉල්ලා සිටි බවට හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලියුමෙහි කර ඇති සඳහන ඉන්දියාව එක හෙළා ප්‍රතික්ෂේප කර ඇත.  "We should be a little wary of making too much of these kinds of speculations," මෙවැනි අනුමානවලදී ඉන්දියාව තරමක් පරෙස්සම් සහගත බව ඉන්දියාවේ රාජ්‍ය හා විදේශ කටයුතු ඇමති ශෂී තරූර් මාධ්‍යවලට පැවසී ය.  ෆොන්සේකාගේ කතාවට පදනමක් නැති බව කියන හේ ඉන්දියාව එසේ හමුදා සීරුවෙන් නො තැබූ බව ජනතාවට පවසයි.