මුළු ලංකාවට ම දෙබරු ඇනලා ය. මතුරමු!
දෙබර ප්‍රහාරයකට ලක්වූ 48 හැවිරිදි පුද්ගලයකු රෝහල් ගතකර තිබියදී පවුලේ ඥාතීන් විසින් ඔහු රෝහලෙන් ගෙන ගොස් තෙල් මැතිරවීමෙන් පසු මියගොස් ඇති බව පසුගිය සතියේ රක්වානෙන් වාර්තා විය. තම ගෙවත්තේ පොල් ගසකට නැඟ පොල් කඩද්දී දෙබර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මුලින්ම රක්වාන රෝහලට ඇතුළු කර තිබේ. එහිදී පවුලේ ඥාතීන් විසින් රෝගියා රෝහලෙන් ඉවත් කර ගෙන ගොස් වෙදදුරෙකු ලවා තෙල් මතුරුවාගෙන ගිය බව ඔහුගේ බිරිය හදිසි මරණ පරීක්‍ෂණයේදී පැවසුවාය. තෙල් මැතිරවීමෙන් පසු රෝගියාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා කහවත්ත මූලික රෝහලට ඔහු ඇතුළු කළද ඒ වන විට ඔහු මියගොස් තිබුණි. රෝගියාගේ ශරීරයේ තිබූ විෂ නැසීමට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිටියදී පවුලේ අයගේ කැමැත්තෙන් ඔහු රෝහලෙන් රැගෙන ගිය බව රක්වාන රෝහලේ වෛද්‍යවරු කියති. වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින අද දවසේ බොහෝ විට සායනික ප්‍රතිකාර අවශ්‍ය මට්ටමේ සිටින මානසික රෝගීන් හෝ මුග්ධකම ඉහවහා ගිය පුද්ගලයන් විසින් කරනු ලබන මෙවැනි 'ප්‍රතිකාර' නිසා මිනිසුන් මිය යාම අතිශය කණගාටු තත්වයකි. මානසික රෝගීන් හා වෙනත් ලෝකෝත්තරයන් වන්දනා කරන ලාංකීය සමාජය තුළ අද වන විට මතු ව...