හොර වෙදුන් හිර කරනු | Arrest bogus indigenous physicians of Sri Lanka
( 2010 නොවැම්බර් 17, W3Lanka ) තුල්හිරියේ නිල වෙදෙකු දරුවකු මරා ඇත. මියගොස් ඇත්තේ වතුරුවිල, කොස්‌ගොඩ, ඉසුරු මාවතේ පදිංචි සචිත් දිරුශාන් කුමාර නමැති අවුරුදු එකයි මාස අටක් වයස දරුවෙකි. දරුවාගේ යටිබඩ පැත්තට කොට්‌ටයක් තබා හිසපහත් කර දරුවාගේ කොන්ද පෑගූ විට දරුවාගේ හිස කඩා වැටුණු බව මව කියයි. මෙම සිද්ධිය වාර්තා කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් කරනු ලබන අවධාරණයක් වන්නේ මේ දරුවා සුව කළ නො හැකි බව රජයේ වෛද්‍යවරුන් පවසා ඇති බවයි. මෙහි එක් අරමුණක් වන්නේ මේ වෙදා බේරා ගැනීම බව පෙනේ. වෙදා පමණක් නො ව, ඒ වර්ගයේ සෙසු විශ්වකර්මයන් බේරා ගන්නට ද ජනමාධ්‍යවලට උවමනා ය. මූලිකව ම ලංකාවේ සමාජය විද්‍යාව වෙනුවට බොරු හාස්කම් පිළි ගන්නා මෝඩයින් බවට පත් කිරීම මේ ජනමාධ්‍ය හිමි හා ඒවා නඩත්තු කරන පාලකයින්ගේ හා මුදලාලිලාගේ උවමනාවයි. ඇතැම් හදවත් සිදුරු ඉබේ ම සුව වෙන බව ද, එසේ නො වන දරුවන් ශල්‍යකර්මවලට බඳුන් කරන බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි. එහෙත්, ඒ හැම කෙනෙකු ම ජීවත් කරවිය නො හැක. හොර වෙද්දු ඕනෑ ම ලෙඩකට ප්‍රතිකාර කරන්නට භාර ගනිති. ඒ එක්කෝ මුදල් වෙනුවෙනි. නැතිනම් කීර්තිය වෙනුවෙනි....