Posts

Showing posts with the label විසා

වෙන රටවලින් ලාංකිකයන්ට on arrival වීසා ඉල්ලන්න පෙර කළ යුතු ගෙදර වැඩ

Image
( 2010 අගෝස්තු 29,  W3Lanka )  රටවල් 71ක වැසියන්ට ලංකාවට පැමිණි පසු (on arrival) වීසා ලබා ගැනීම සඳහා දී ඇති පහසුකම අත්හිටුවීමට ලංකාව තීරණය කර තිබේ. හේතුව සිංගප්පූරුව හා මාලදිවයින හැර සෙසු රටවල් ලාංකිකයන්ට එම පහසුකම දෙන්නේ නැති වීමයි. ලංකාවේ මිනිසුන්ට අඩු තරමේ ඉන්දියාවට හෝ කල් තබා වීසා නො ගෙන යන්නට බැරි ය.  මේ තීරණය සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබූ මුත් දැන් එය අත්හිටුවා තිබේ.  ලංකාවේ මිනිසුන්ට ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉතාලිය, ජපානය වැනි දියුණු ධනේශ්වර රටවලට ගිහින් වීසා ලබා ගන්නට හැකියාව තිබුණොත් නම් මරේ මරු ය. ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ එහි ගොස් ‍මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කරදර ඇති බව කියා දේශපාලන රැකවරණ ඉල්ලනවා ඇත. ඒකට කමක් නැත. දැන් ඔය පිටරට ඉන්න පට්ට දේශප්‍රේමීන් වැඩිදෙනෙකු ඒ රටවලට ගියේ ද මේ රට හොඳ නැති බව කියලා ය.  ලංකාවට පැමිණෙන පිටරැටියනට අප  on arrival වීසා දෙන අන්දමින් ම අපටත් ඒ රටවලින්  on arrival වීසා ලබා දිය යුතු බව ඉල්ලා සිටීම නරක දෙයක් නො වේ. දැන් කොටි සංවිධානය නැ...