Posts

Showing posts with the label විශ්ලේෂණ

ප්‍රබන්ධයට එරෙහිව ප්‍රබන්ධයම විකල්පය වූ කල

පසුගිය දිනෙක අහම්බෙන් මෙන් මේරියන්සි සංගීත කණ්ඩායමේ වීඩියෝවක් යූටියුබ්හි දුටුවෙමි. 'ඇද්ද ලනුව - දැම්ම කොඩිය - සිලෝන් එකට' යන ගීය ගැයීමට පෙර නලින් පෙරේරා හා සුද්දකු ලෙස ඇඳ ගත් අනෙක් ගායකයා අතර ඇති වන සංවාදයේදී සුද්දා චෝදනා කරන්නේ ලංකාව තමන් ගියපසු හරිහමන් සංවර්ධනයක් කරගෙන නැති බවයි. එහිදී නලින් පෙරේරා අහන්නේ 'ඇයි ඔයා පත්තර බලන්නේ නැද්ද?' කියාය.  අද වනවිට ලංකාවේ බොහෝ කටයුතු සිදුවන්නේ ඇත්තෙන් මහපොළවේ නොව ජනමාධ්‍ය තුළයි. විශේෂයෙන්ම රට සංවර්ධනය කිරීම හා ජනතා ප්‍රශ්න විසඳීම සිදුවන්නේ තනිකරම ජනමාධ්‍යවලයි. ඇස් පනාපිට ඇති ලෝකයත් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රබන්ධ කර ඉදිරිපත් කරන ලෝකයත් අතර විශාල පරස්පරයක් ඇතිමුත්, යථාර්ථය වෙනුවට එම ප්‍රබන්ධ ලෝකය පිළිගැනීමට ජනතාව ‍තුළ පෙළඹවීමක් ඇතිවේ.  මාධ්‍ය ප්‍රබන්ධයක් සමග මනසින් සම්බන්ධ වෙමින් වඩා නරක යථාර්ථයක සැබැවින් ජීවත්වීම නූතන ලෝකයේ අලුත් අත්දැකීමක් වී තිබේ.  මෙහි විසුළු ස්වභාවය නිර්මානය වන්නේ පවත්නා තත්වය වෙනස් කිරීමට සටන් කරන්නෝද එයම කරන්නට යාමත් සමගයි. කොටින්ම දැන් දැන් බොහෝ වෘත්තීය සමිති කටයුතු පවා සිදුවන්නේ ජනමාධ්‍ය හරහාය. වෘත්තීය සමිත...

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු; නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදිමු

Image
පීපල්ස් මාච් - ආණ්ඩුව ඉතාම තීරණාත්මක ඡන්දයක් වෙත රට යොමු කර තිබෙනුයේ රට බරතල ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න රැසක ගිලී තිබෙන තත්ත්වයක් තුළ ය. විධායක ජනාධිපති බලය උපයෝගී කර ගනිමින් ද ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන කඩතුරාවේ ආවරණය ලබමින් ද වත්මන් පාලනය ගෙන යන්නේ මූලික මානව හිමිකම් ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ද අමු අමුවේ උල්ලංඝනය කරන අත්තනෝමතික පාලනයකි. ආර්ථිකය මුළුමනින්ම මෙහෙය වනුයේ පරපුටු පාලන තන්ත‍්‍රයක සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඔවුන්ගේ පවුල් හා ගජ මිතුරන් අතලොස්සක් ද අත සම්පත් ගොඩ ගසා ගැනීම හා සුඛ විහරණය සඳහා ය. සංවර්ධනය යනු මේ අතලොස්සේ පෞද්ගලික ආර්ථික සංවර්ධනය යි. ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින් අල්ලස හා දූෂණය ඉහළම පරිමාණයකට සිහසුන් ගත කර තිබේ. විවිධ මූලාශ‍්‍රයන්ගෙන් වාර්තාවන පරිදි මේවා හරහා කෙරෙන කොමිස් කොල්ලය ගණනය කළ යුත්තේ මිලියන නොව බිලියන සිය ගණන්වලිනි. මහත් විනාශකාරී යුද්ධයකට මග පෑදූ හා ලංකාව වෙලාගෙන ඇති බොහෝ සමාජ ආර්ථික දේශපාලන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් කළ ජාතික ගැටළුවට හේතු පාදකවූ එකදු ප‍්‍රශ්නයකටවත් ආමන්ත‍්‍රණය නොකෙරේ. දෙමළ ජාතික ප‍්‍රශ්නය ද ක...