Posts

Showing posts with the label විවාහය

විවාහ වයස අඩු කරන බවට සහකාර සොලිසිටර් ජනරාල් කීවේ බොරු - අමුණුගම

Image
(අගෝස්තු 16, 2009 - W3Lanka) විවාහ වීමේ අඩුම වයස 18 ට වඩා අඩු කිරීමේ කිසිම තීරණයක් රජය ගෙන නැතැයි ද එවැනි වයස අඩු කිරීමක් පිළිබඳ ව ජනමාධ්‍යවලින් පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවද විවාහ පිළිබඳ බලයලත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව භාර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැති සරත් අමුණුගම මහතානිවේදනය කරයි. මෙවැනි වයස් අඩුකිරීමේ තීරණයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්වී නැති බවද අඩු වයසින් විවාහ වුවහොත් ඔවුන්ගෙන් උපදින දරුවන් විවිධ ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බව ද ඇමතිවරයා පෙන්වා දෙයි. ලංකාවේ විවාහ විය හැකි වයස අවුරුදු 16 දක්වා අඩු කිරීමට රජය නීති සංශෝධන ගෙන එනු ඇති බව අගෝස්තු 10දා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුණු  ළමුන් සුරැකීම සඳහා වූ ජාතික ජනමාධ්‍ය සන්ධානයේදී පැවසුවේ සහකාර සොලිසිටර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ය. ඔහු වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුව අයිති අධිකරණ අමාත්‍යංශයටයි. (මෙහි ඇති රූපය ඉන්දියාවේ ළමා විවාහයකට සම්බන්ධ එකකි.)