Posts

Showing posts with the label විරෝධය පළ කිරීමේ අයිතිය

විරෝධතා දැක්වීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම

Image
(2010 පෙබරවාරි 15- W3Lanka )   පසුගිය ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කළ  සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවට ගැනීමට එරෙහිව රට තුළ වර්ධනය වන සාමකාමී විරෝධතාවන් යටපත් කිරීම සඳහා රජය අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී සාහසික කි‍්‍රයාමාර්ග පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන නීතිඥ සංගමය පවසයි. එම සංගමය විසින් තත්වය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ ද පවසයි.  "ප‍්‍රජාතන්ත‍්‍රවාදී  රටක් තුළ රජයට පක්ෂපාතීව අදහස් දැක්වීමට අයිතියක් ඇති සේම එම රජයට විරුද්ධව අදහස් දැක්වීමටද එ් හා සමාන අයිතිවාසිකමක් මහජනයාට තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට නම් ඉහත කී අයිතිවාසිකම සුරක්ෂිත විය යුතු බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන් විසින් මෙන්ම මෙරට මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ද පිළිගෙන තිබේ.   "වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුව සිටියදී මෙහෙයවනු ලැබූ ජනඝෝෂා විරෝධතාවන් එවකට පැවති රජයේ පෙළඹවීම් මත පොලිසිය විසින් මර්දනය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිති...