හාන්සි පුටු විප්ලවවාදියෝ හා කොළඹ උද්ඝෝෂකයෝ
ලේඛකයා සිය නිවසේදී පවුලේ අය සමග ගත් ඡායාරූපයක් (නො වේ) (2011 මාර්තු 02, W3Lanka ) "අද ජවිපෙ පෙලපාලිය නැරඹූයෙමි.අරක්කු බෝතලයට බත් පැකට් එකට මොනවා හරි කියමින් කෑ ගහන්න එන උදවිය වෙනුවට ඉතාම සංවිධානාත්මක ඉතාම විනයානුකූල ආකාරයක පෙලපාලියක් පැවැත්වූ අතර රජයේ අන්තෝමතිකත්වයට එරෙහිව භූමියේ සටනේ සිටින එකම පක්ෂය ජවිපෙ බව එය දකින විට මට සිතුණි.හාන්සි පුටුවලට වෙලා බ්ලොග් ලියන පැරකුම්ලාට මේවා නිකම් නිකම් සංදර්ශනය. අඩුම තරමින් මහා විප්ලවවාදී/පෙරලිකාරී/රැඩිකල් පැරකුම්ලා එවැනි සංදර්ශනයක්වත් මහ පොලොවේ කරමින් තිබේද යන්න අපට මතුවෙන ප්‍රශ්නයයි.පෑන අතට ගැනීමේදී කුහකකම පැත්තකින් තබා ලියනු මැනවි." ඉහත පළ වන්නේ අපගේ පාඨකයකු විසින් දක්වන ලද අදහසකි. අප ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන්නට අදහස් කළේ එම අදහස විශ්ලේෂණය කිරීම ඔස්සේ ලංකාවේ වාමාංශික දේශපාලනයේ මූලික ගැටලු කීපයක් කෙරෙහි අවධානය යොමු කළ හැකි බැවිනි. පළමු ගැටලුව සාධනීය හා නිෂේධනීය විවේචන අතර වෙනස අවබෝධ කර ගන්නට ආගමික ස්වරූපයෙන් පක්ෂ සමග සම්බන්ධ වී සිටින පිරිස්වලට බැරි වීමයි. ජවිපෙ මෙවැනි උදඝෝෂණ රාශියක් පවත්වා තිබේ. එහෙත්, ඒවායේ බලපෑම පක්ෂ ...