නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ යුගය යහපාලනය තුළ අවසන් කළ යුතු ය.
පහත සඳහන් වන්නේ ලංකාදීප පුවත්පතින් උපුටා ගත් සිදු වීමකි. එහි සඳහන් වන ආකාරයට නඩත්තු නො ගෙවීම සම්බන්ධයෙන් සුළු සේවකයකුට අවුරුදු නවයකට වැඩි සිර දඬුවමක් නියම කර, මේ වන විට වසර එකහමාරක් පමණ සිරගත කර තබා තිබේ. මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක් අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ඔහු සිය පෙත්සමින් කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා තමාට නීති විරෝධී සිර දඬුවමක් නියම කළ බවයි. බොකලගම අනුර සමන් කුමාර (49) ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණාන්ද තිරානාගම මහතා මගින් කියා සිටියේ මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුව නීති විරෝධී බවයි. මෙවැනි තීන්දුවක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද කීවේය. දැනට මාස 17ක් දඬුවම් ගෙවා ඇතැයිද එම සිර දඬුවම අවසන් වන්නේ 2020 අප්‍රේල් 5 වැනිදා බවත් සිරකරුවකුගේ දිනක නඩත්තුව සඳහා රජයෙන් රුපියල් 300ක් වැය කරන බව බන්ධනාගාරය කියන බවත් ඒ අනුව තමා වෙනුවෙන් නිකරුනේ රජයේ මුදල් රුපියල් 1,044,000 වැය වන බවයි. සීගිරියේ සංරක්ෂිත ...