Posts

Showing posts with the label විධායක ජනාධිපති ධුරය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු ද? මුල් ප්‍රශ්නයට ආපසු

Image
අප පහත සඳහන් සටහන තැබුවේ ජනාධිපතිවරණයට පෙර 2014 නොවැම්බර් 26දා ය. එය කියවා බලන්න. ( සම්පූර්ණ සටහන මෙතනින් කියවන්න ) විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි. මෙය කළ නො හැකි ය. අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ. පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ. අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය. ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත. විධායක ජනාධිපති ධුරය ගැන මම මගේ ස්ථාවරය ඊටත් පෙර සටහන් කළෙමි. ඒ 2014 ඔක්තෝබර් 08දා  ප්...