අප පිටරටට විකුණන වහලුන්ට හිමි ගෞරවය / Disowned respect of the Sri Lankan expatriate slaves
මේ වසරේ (2011) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ මුදල් ප්‍රමාණය (විනිමය ප්‍රේෂණ) සියයට 26.4 කින් වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. මේ අනුව ගිය වසරේ (2010) පළමු මාස හයේදී විදේශ සේවා නියුක්‌තිකයන් මෙරටට එවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1983.12 ක විදේශ විනිමය ප්‍රමාණය, මේ වසරේ (2011) පළමු මාස හයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2506.57 ක් දක්‌වා ඉහළ ගොස් ඇත. (උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි) විදේශ සේවා නියුක්තිකයන් යයි හැඳින්වුණාට මේ පිරිසෙන් බහුතරය වනාහි නූතන වහල්ලු ය. හේතුව, ඔවුන් එකී රටවලදී කිසිදු ශ්‍රම හිමිකමක් භුක්ති නො විඳ වහල් සේවයේ යෙදෙන බැවිනි. ලංකාවේ අද වන විට ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය වන්නේ වහල් වෙළඳාමයි. කලක් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ තේ අද වන විට අර්බුදයට ලක් වී තිබේ. නවතම තත්වය තුළ, වැවිලි ක්ෂේත්‍රයේ හාම්පුත්තු පසුගිය අප්‍රේල් මාසයේ සිට වතු සේවතයන්ට වැටුප් වැඩි කරමින් අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කර සිටිති. හේතුව, ලිබියාවේ අර්බුදය නිසා තේ වෙළඳපොළ කඩා වැටීමයි. ලංකාවේ පාලකයන් ජොලි කරන්නේ ද, රජයේ සේවකයන් වැ...