Posts

Showing posts with the label විදේශ විනිමය

දළු කඩන "තේමිස්ලා" හා ඵල නෙළන සර්ලා

Image
පසුගිය දිනෙක මගේ මිතුරන් පිරිසක් වි‍දේශ රැකියාවල යෙදෙන ගැහැනුන් ගැන කරමින් සිටි කතාබහකට සහභාගි වුණෙමි. ඔවුන් කතා කරමින් සිටියේ ලංකාවේ ගෘහ සේවිකා ගැහැනුන් මැද පෙරදිගදී හිංසනයට ලක් වන්නේ ඇයි ද යන්නයි. ඔවුන් එයට එක් හේතුවක් ලෙස දුටුවේ ගැහැනුන්ගේ වනච‍රකමයි. ගෘහ සේවිකාවන් ලෙස ලාංකීය ගැහැනුන් රට යැවීම තහනම් කළ යුතු බව එකෙක් කීවේ ය. එහෙම කළොත් රජයේ සේවකයන් වන ඔවුන්ට වැටුප් ගෙවීමට රජයට මුදල් නැති වන බව මම කීවෙමි. මේ වන විට රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ ලාංකීය ගැහැනුන් වහල් සේවය සඳහා රට පැටවීම බව මම‍ පෙන්වා දුන්නෙමි. එපමණක් නො ව, තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තයේ ද යෙදී සිටින බහුතරය කාන්තාවෝ ය. සම්ප්‍රදායිකව ම තේ, රබර් වැනි කර්මාන්තවල යෙදී සිටින්නන්ගෙන් බහුතරය ද කාන්තාවෝ ය. එහෙත්, ලංකාවේ මධ්‍යම පංතික‍යන් මෙවැනි වෘත්තීන් දෙස බලන්නේ මහත් පිළිකුළෙනි. අම්මලා මැද පෙරදිග රටවල රැකියාවල යෙදී සිටින දරුවෝත්, අම්මලා ඇඟලුම් කම්හල්වල රැකියාවල යෙදී සිටින දරුවෝත් ගුරුවරුන්ගේ අවඥාවට ලක් වන ආකාරය මම දැක ඇත්තෙමි.. එවැනි අවඥාවට ලක් කිරීම්වලට කාන්තාවෝ ද සහභාගි වෙති. අපේ පැත්...

මාධ්‍ය තුළින් ඇහැ ගිනි කණ වට්ටන සංවර්ධනය හා ලාංකිකයන්ගේ ජීවිතවල සංවර්ධනය

Image
( 2010 ඔක්තෝබර් 29,  W3Lanka )   ජනමාධ්‍ය තුළ නම් ලංකාව අධි වේගයෙන් සංවර්ධනය වෙමින් තිබේ. ඒක පුද්ගල ආදායම කිසි කිසි ගා දෙගුණ වෙමින් ඇත. ලංකාවට මේ වසරේ තව ම සංචාරකයන් ලක්ෂ පහක් ආවේ නැති මුත්, සංචාරකයන් ලක්ෂ 25ක් එන ලංකාවක් ගැන මාධ්‍ය කතා කරති. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා සත්කාරක නගරය තෝරා ගන්නේ 2011 නොවැම්බරයේ මුත්, ලංකාවේ මාධ්‍ය කියන පරිදි හම්බන්තොට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ ගෝල්ඩ් කෝස්ට් නගරය පරදවා ඒ තැන අත් පත් කරගෙන හමාර ය. මාධ්‍යවලින් මැවෙන සිහිනය අනුව, හම්බන්තොට සුර පුරයක් වී හමාර ය.  ලංකාවේ පරිගණක සාක්ෂරතාව යන්තම් 20% ඉක්මවූවා පමණි. ආණ්ඩුවේ ඊ රාජ්‍යය ඊ ග්‍රාමසේවක දක්වා පැතිරී ඇති බව මාධ්‍යවලින් ප්‍රකාශ කෙරේ. නුදුරු අනාගතයේදී හැම ගෙදරකට ම අන්තර්ජාලය දෙන බව ජනාධිපති කියයි. එහෙත්, ලංකාවේ නිවෙස්වලින් 15%කට විදුලිය නැති බව කියන්නේ ද ඒ ආණ්ඩුව ම ය. ජනතාව සංවර්ධන වන්දනාවේ යති. වරාය බලන්නට ගිය අයට දැන් මත්තල හැදෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලන්නට යන්නට පුළුවන. ඊළඟට දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්නට යා හැකි ය. ඉන් පසු ගාලු මුවදොර ගොඩ කරන හැටි පෙන්විය හැකි ය. ...