Posts

Showing posts with the label විජේ ඩයස්

සිරිතුංග ජයසූරිය අන්තර්ජාලයේ

Image
(2009 දෙසැම්බර් 23 - W3Lanka ) එක්සත් සමාජවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සිරිතුංග ජයසූරියගේ මැතිවරණ ප්‍රකාශය එළි දැක්වීමේ හා එම පක්ෂයේ වෙබ් අඩවිය දියත් කිරීමේ උත්සවයක් අද (බදාදා) පෙ.ව. 10.30ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එක්සත් සමාජවාදී පක්ෂයේ නිල වෙබ් අඩවිය වෙත www.lankasocialist.com ඔස්සේ පිවිසිය හැකි ය. තවත් සමාජවාදී අපේක්ෂකයෝ දෙදෙනෙක් මෙවර ජනාධිපතිවරණයට තරග කරති. එනම්, වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ සමාජවාදී සමානතා පක්ෂයේ විජේ ඩයස් ය.