සමනලයා හා මකුළුවා: විජය කුමාරනතුංග හා ලයනල් රණසිංහ
(2011 පෙබරවාරි 16, W3Lanka ) විජය කුමාරනතුංග ඝාතනයට 2011 පෙබරවාරි 16 දිනට වසර 23කි. විජය හා අමරසිරි කලංසූරිය කලක් පරණ කෝට් විකිණුවෝ ය. දුම්රියපොළවල රාත්‍රිය ගත කරද්දී දුම්රිය සේවකයෝ ඔවුන් පළවා හැරීමට වතුර ගැසූ අමරසිරි කලංසූරිය මෑතදී පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබිණි. . විජයට වෙඩි තැබූ තුවක්කුකරුවා වන ලයනල් රණසිංහ කලක් හොරණ බස් නැවතුම අසල තැබෑරුමක් ඉදිරිපිට රටකජු විකිණුවේ ය. හන්තානෙ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟමින් ජනාදරයට පත් විජය කලක් එක දිගට ම ලංකාවේ ජනප්‍රිය ම නළුවා වූයේ ය. ඔහු සුන්දර රූ සපුවකින් යුත් නළුවකු පමණක් නො ව අදටත් ජනප්‍රිය දක්ෂ ගායකයෙකි. ලංකාවේ හිටපු රාජ්‍ය නායක දෙපළකගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක සමග විවාපත් වූ හේ දේශපාලනයට පිවිසියේ ලංකා සමසමාජ පක්ෂයෙනි. 1982 ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ප්‍රචාරක ව්‍යාපාරය කරට ගෙන වැඩ කළ විජයට එවක ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන බොරු නැක්සලයිට් චෝදනාවක් ඉදිරිපත් කළේ ය. තරුණ, ආකර්ශනීය නායකත්ව පෞරුෂයක් ලෙස ඉදිරියට එන විජයට බිය වූ ජේ. ආර්. ඔහු මාස ගණනක...