Posts

Showing posts with the label විකල්ප අදහස්

නව මාධ්‍ය ගැන පාඨමාලාවක් නො මිළේ

Image
( 2010 ඔක්තෝබර් 20,  W3Lanka )  විකල්ප දැනුම හා සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගත් නව ජනමාධ්‍ය පිළිබඳ වැඩමුළුවක් ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ තරුණ අංශය විසින් ආරම්භ කර තිබේ. තරුණයන් සඳහා වන මෙම වැඩමුළුවට සහභාගි වීමට කැමැත්ත දක්වන නව මාධ්‍ය කෙරෙහි උනන්දුවක් ඇති අයට අවස්ථා සීමිත ගණනක් විවාතව ඇති බව අප වෙත දැනුම් දි තිබේ. පළමු වැඩමුළුව මෙම සති අන්තයේ ආරම්භ වීමට නියමිත ය. වසරක් පුරා දිවෙන මෙම වැඩමුළු මාලාව සඳහා කිසිදු ගාස්තුවක් අය කරනු නො ලැබේ. සහභාගි වීමට කැමැත්තක් දක්වන අය සිටී නම් අද ම ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ 011 2865534 දුරකථන අංකය ඔස්සේ චින්තක අමතන්න. (ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය රාජ්‍ය නො වන සංවිධානයක් නිසා ඒවාට බිය අය කරුණාකර නො අමතන ලෙස එම ආයතනය ඉල්ලා සිටියි.) Bookmark, remember easily and come again   www.w3lanka.com

පිටු ලක්ෂ පහක සතුට: එන්න! අපි සිහිනෙන් ගෑ ඒ සුවඳ ගැන කතා කරමු

Image
( 2010 ඔක්තෝබර් 20,  W3Lanka )   2009 ජුලි මස ආරම්භ කළ මෙම බ්ලොගයේ පිටු ලක්ෂ පහක් ඉක්මවා මේ වන විට පාඨකයන් පිවිස ඇත. පිටු ලක්ෂ පහක් කියවුණේ සටහන් 1400කට වඩා තබා තිබියදී ය. මෙම ගණන් හිලව් අන්තර්ජාලයේදී මහා විශාල ඒවා නො‍ වේ. එහෙත්, ජනප්‍රියවාදයන්ට යට නො වී, බාල උප්පරවැට්ටි අනුගමනය නො කරමින්, කාගේවත් සාක්කුවට නො වැටී මෙවැනි කාර්යයක යෙදෙද්දී එවැනි සංඛ්‍යාවක් කරා යාම පහසු නැති බව එම කාර්යයන්හි යෙදෙන අය දනිති.  අප පටන් ගත්තේ බිංදුවෙන් ම නිසා උන්නාට වඩා මළාත් මදැයි කියා හෝ සතුටු වන්නට අපට පුළුවන. අප ලියූ ලිපියක් කියවා අදහසක් පළ කරන්නට 'සහෝදරයකු' නො සිටි වාම සමාජයකින් පැමිණි අපට බ්ලොග් අවකාශයේදී නාඳුනන අලුත් සහෝදරයින් බොහෝ ගණනක් හමු විණි.  විකල්ප අදහස් හා දැනුම සන්නිවේදනය පිණිස ප්‍රයත්නයක් ලෙස අප විසින් ආරම්භ කරන ලද W3Lanka වෙබ් අඩවිය හා සම්බන්ධව දියත් වූ මෙම බ්ලොගය හරහා ලංකාවේ අදහස් අවකාශයට යම් මැදිහත් වීමක් කරන්නට අවස්ථාව ලැබුණු බව ද, සම්මත හා ගතානුගතික අදහස් අතරට විකල්ප අදහස් ද සංවාදය සඳහා ඔසවා තබන්නට අප යම් දුරකට සමත් වූ බව ද සතුටින් සිහිපත් කරමු. ...