Posts

Showing posts with the label වැලිඔය. පදවිය

යුද්ධයෙන් පස්සේ ඉඩම් කොල්ලයක්

Image
(2009 ජුලි 24, W3Lanka) කොටි සංවිධානයත් සමග හමුදා සටන් අවසන් වීමත් සමග ලංකාවේ ඊසානදිග ප්‍රදේශවල ඉඩම් කොල්ලයක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ.  පදවි ජනපදයට නැගෙනහිර දෙසින් ‍කෝකිලායි කලපුව දක්වා ඇති හිස් බිම් තීරයේ මෙම ඉඩම් කොල්ලය සිදු වන අතර, ‍පදවි ජනපදයේ ‍ඇතැම් ධනවත් පුද්ගලයෝ ඉඩම් බුල්ඩෝසර් කර අක්කර 10, 20 අල්ලා වැටකොටු බඳිමින් සිටින බව ප්‍රදේශයෙන් වාර්තා වේ.  මෙම කරුණ පිළිබඳව අප පදවි-ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු කීවේ මෙම ප්‍රදේශය අයත් වන්නේ සම්පත්නුවර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාට බවයි. ඔහුගෙන් විමසූ විට පැවසුවේ මේ පිළිබඳව මහවැලි එල් කලාපයේ නේවාසික ව්‍යාපෘති කළමනාකාරවරයාලෙන් විමසන ලෙසයි. වැලිඔය මහවැලි නේවාසික ව්‍යාපෘති කළමනාකාර පී.ජී. දයානන්ද එවැනි ඉඩම් කොල්ලයක් සිදු වන්නේ ය යන කාරණය ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ඉඩම් මාස් කන්නයේ වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට අවසර දී ඇති බවයි. ඒ අනුව වැලිඔය ව්‍යාපාරයේ පදිංචිකරුවන්ට අක්කරයකට රු. 750 බැගින් ද පිටස්තර පුද්ගලයන්ට අක්කරයකට රු. 1000 බැගින්ද බද්දක් මත උපරිමය අක්කර පහක් වන...

ඉඩං ඉඩං උතුරේ ඇත ඕනැතරම්

(අජිත් පැරකුම් ජයසිංහ) කඩුවෙල ශ්‍රීමත් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීයක ‍කියැවෙන පරිදි කෝටි ගණන් තිබෙන නිසා කොළඹ රටේ ඉඩම් ගණන් ය. එහෙත් උතුරේ බොහෝ ඉඩම් ඇත. ඒ වෙනුවෙන් බූලි ගණන් ලේ ද හළා ඇත. ඉඩම් යනු ලංකාවේ සිදු වන අපරාධ බොහොමයකට හේතුවයි. ඉඩම් ආරාවුල් නොමැති නම් මෙරට මිනිස් සම්බන්ධකම් බොහෝ යහපත් වන්නට ඉඩ ඇත. ලංකාවේ ලොකුම ප්‍රශ්නය ද ඇත්ත වශයෙන් ම ඉඩම් පිළිබඳ කාරණයකි.  මව්බිම, පීතෲභූමිය, නිජබිම, දේශය, රට ආදී වචනවලින් රාමුගත කරන සංකල්ප පදනම් වන මූලික සාධකයක් වන්නේ ඉඩම් ය. සිංහලයන් තම ඉඩම් බලහත්කාරයෙන් ජනපදකරණය කරන්නේය යන සැකය දෙමළ ජනයා අතර පැතිර තිබේ. උතුරු පළාතේ ඉඩම් පිළිබඳ බලපාන තේසවලමෙයි නම් සම්ප්‍රදායික නීතියක් තිබේ. මෙම නීතිය වැරදියට අර්ථකථනය කරමින් සිංහලයන්ට උතුරේ ඉඩම් මිළ දි ගත නොහැකි යයි මතයක් සිංහල ජාතිවාදීහු සමාජයේ පතුරවති. එහෙත් ඇත්ත නම් වැඩි මිළක් ගෙවන්නේ නම් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රටේ ඔනෑම තැනකින් ඕනෑම කෙනෙකුට ඉඩම් මිළ දී ගත හැකි වීමයි. සල්ලි තිබෙන සුද්දන්ට පෞරාණික ගාලු කොටුවේ ඉඩම් වැඩි හරියක් මිළ දී ගත හැකි වූයේ එසේ ය. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක...

සංවේදී වැලිඔය ප්‍රශ්නය

Image
(2009 ජුලි 14) වැලිඔය ව්‍යාපාරය යටතේ මුලතිව් දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි ප‍්‍රදේශයේ ගොවි පවුල් 2500 ක් පදිංචි කරවීමට පියවර ගෙන ඇති බවද, එසේ පදිංචි කරවන එක් පවුලකට මඩින් අක්කරයක් ද, පොල් සිටුවීමට අක්කර භාගයක් ද ගෙවත්ත සඳහා අක්කරයක් ද ලබා දෙන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ද අල්විස් මහතා පැවසූ බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේය.  නැදුන්කර්නි සම්ප්‍රදායිකව දෙමළ වැසියන් වාසය කළ කුඩා නගරයක් කේන්ද්‍ර කර ගත් ප්‍රදේශයකි. එහි වැසියෝඅද වන විට අවතැන් කඳවුරුවල වෙසෙති. මෙම ජනපදකරණයේදී ජනවාර්ගිකත්වය සැලකිල්ලට ගන්නා ආකාරය පිළිබඳ දිනමිණ වාර්තාවේ කිසිවක් සඳහන් නොවේ.  එහෙත්, මෙය හුදු මහවැලි ව්‍යපාරයේ විෂය පථයට පමණක් සීමා වන කාරණයක් නොවන බවද, ජනවාර්ගික ගැටුම් තවදුරටත් තීව්‍ර නොවන පරිදි සියුම්ව මෙහෙයවිය යුතු දේශපාලනික කාරණා රැසක් ඇති සංවේදී ප්‍රශ්නයක් මෙහි ඇති බවද අපේ අදහසයි.   දෙමළ ජනයා අතර තම නිජබිම පිළිබඳ අනුරාගය ඇවිළවීම සඳහා දෙමළ ජාතිකවාදීන් විසින් ඔවුන් බියවැද්දීම පිණිස භාවිතා කරන ලද එක් ප්‍රධාන ක්‍රමයක් වූයේ ඔවුන්ගේ නිජබිම සිංහල ආක්‍රමණිකයන් විසින් ඩැහැ ගනිමින්...