Posts

Showing posts with the label වැඩිහිටියන්ට පමණයි

ජයවේවා! ආණ්ඩුවෙන් වැඩිහිටියන්ට පමණයි උද්ඝෝෂණයක් කොටුවේ

Image
(2009 දෙසැම්බර් 25 - W3Lanka ) වැඩිහිටියන්ට පමණයි තහනම ඉවත් වී ඇත. කොයි තරම් ඉවත් වී තිබේදැයි කීවොත් දැන් වැඩිහිටියන්ට පමණයි පුවරු රැගෙන පිකටිං පැවැත්විය හැකි ය. අප නම් කිසි දිනෙක මේ ක්‍රියාවලට විරුද්ධ වූයේ නැත. ඒ අප දේශද්‍රෝහීන් නිසා නොව නිදහස ගරු කරන්නන් නිසා ය.මව්බිම, ජාතිය, සංස්කෘතිය රැක ගන්නට ම උපන් පුතකු වන විමල් වීරවංශ නායකත්වය දෙන උද්ඝෝෂණයක මෙම ඡායාරූපයේ දැක්වෙන පුවරුව ප්‍රදර්ශනය වීම පුදුමයක් වුව ද අපි නම් ඒ ගැන සතුටු වෙමු. අනාගතේ යම් දවසක බටහිර රටවල මෙන් විමල් වීරවංශ, අචල ජාගොඩ වැනි සුන්දර තරුණයන්ට මෙම පුවරුවේ දැක්වෙන ආකාරයෙන් පවා වෙඩි නොකා විරෝධය දැක්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වාතාවරණයක් රටේ ඇති වේවා යි අපි ප්‍රාර්ථනා කරමු. මෙම උද්ඝෝෂණයට පියසිරි විජේනායක ගරු සංස්කෘතික ඇමතිතුමා සහභාගි වූයේ ද යන්න පිංතූරවලින් පැහැදිලි නොවේ.

පියසිරි විජේනායක මල්වර වෙලා

Image
(2009 නොවැම්බර් 15 - W3Lanka ) සිංහල ජාතියේ පිනට මෙරට පහළව ඇති ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සංස්කෘතික ඇමති පියසිරි විජේනායක වැඩිවිය පැමිණ ඇති බව වාර්තා වේ.  මෙම මල්වර වීම නිමිත්තෙන් පසුගිය දිනවල ජාතියේ සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා සංස්කෘතික ඇමති දෙකට්ටුව විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්ව කරන ලද 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපට තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.  ඇමතිවරුන් කී බස් අසා හොරෙන් නිල් චිත්‍රපට බැලීම පවා අත් හළ කීකරු ජනතාවට ඒ උපාසක ඇමතිවරු ස්තුතිය පිරිනමා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.  වැඩිහිටියනි, දැන් ඉතින් 'මේ දෑස කුමටද?'  කියා තැවෙන්නට අවශ්‍ය නැත. දැන් ඔබට වැඩිහිටියන්ට පමණක් වෙන් වූ චිත්‍රපට බලන්නට පුළුවන.