Posts

Showing posts with the label වාහන

හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු

Image
ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය.  දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත. හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ.  වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි.  මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ.  හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය. තවත් විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වාහන නලා හා ශබ්ද දූෂණය

Image
වාහනවල හෝන්වලින් නිකුත් කළ හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 195ට සීමා කිරීමට නීති ගෙන ඒමට රජය සැරසේ.  ලංකාවේ ඇතැම් වාහන හිමියෝ අධික ශබ්ද නිකුත් කරන නලා සවි කිරීමට කැමැත්තක් දක්වති.  වාහන නලා අතරින් වැඩි ම ශබ්දය නිකුත් කරන නලා ඇත්තේ පෞද්ගලික බස්වල ය.  පෞද්ගලික බස්වල ඇතැම් විට සයිලන්සරය ගලවා වැඩි ශබ්දයක් නිකුත් කරන සයිලන්සර ද සවි කරනු ලැබේ.  ඇතැම් වාහනවල තිරිංග පද්ධතියෙන් ද අධික ශබ්දයක් නිකුත් කෙරේ.  ඇතැම් වාහන රියදුරන් ධාවනයේදී වැඩිපුර ම භාවිතා කරන්නේ නලාවයි.  ලංකාවේ ඇතැම් මිනිස්සු අධික ශබ්දයට ලොල් ය.  වැඩි ම ශබ්ද දූෂණයක් ඇති කරන්නේ ආගමික ස්ථානවල සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍රවලිනි. ශබ්ද දූෂණයට අදාළ නීති ආගමික ස්ථානවලට ද අදාළ විය යුතු ය. ආගම් ඇත්තේ මිනිසුන්ට හිරිහැර කරන්නට නො වේ.  ඡන්ද කාලයට දේශපාලකයන් තරම් ශබ්ද දූෂණය කරන තවත් පිරිසක් නැත.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න