වාරියපොළ තරුණිය පාර්ලිමේන්තු අරිමුද?
ප්රභාකරන්ගේ මරණින් පසුව ලංකාවේ මාධ්‍යවලට පුවත් පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. ඒ නිසා පොඩි පොඩි පුවත් පවා අතිශයෝක්තියට නඟන්නට සිදු වී තිබේ. ප්රභාකරන් සිටි කාලයේ නම් එහෙම නැත. වරක් මම මතුගම - අලුත්ගම පාරේදී පෞද්ගලික ලංගම බස් රේස් එකක ප්‍රතිඵලයක් ලෙස ලංගම බසයක් පාලමකින් ගඟකට වැටී ගිලී මගීන් දහයක් පමණ මිය යාම පිළිබඳ විශේෂාං ලිපියක් එකල මා සේවය සැපයූ ලංකාදීප පුවත්පතට ලිව්වෙමි. එහෙත්, ඒ සති අන්තයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සිදු වූ බැවින් ඒ ලිපිය පළ කරන්නට ඉඩක් සොයා ගත නො හැකි විය. දැන් එහෙම නැත. ඕනෑම පොඩි සිද්ධියක් වවාගෙන කෑ හැකි මාධ්‍ය බුරුත්තක් රටේ තිබේ. මේ අයගේ අලුත්ම ගොදුර වාරියපොල තරුණිය ය. ඇය තමන්ට ඔච්චම් කළ තරුණයකුට බස් නැවතුම්පළකදී ප්‍රසිද්ධියේ පහර දෙනු කිසිවකු විසින් වීඩියෝ කර සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඒ ඔස්සෙ විවිධ පුවත් හා අදහස් නිර්මානය වූ අතර, ආණ්ඩුවේ ලොකු ලොක්කන් කරන අපරාධ හා දූෂණ හැර අන් හැම දෙයක් ගැනම හොයන පොලිසියක් හා එයටම ගැලපෙන මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශය ද දැන් මේ සිද්ධිය සම්බන්ධයේන් ක්‍රියාකාරී වී තිබේ. ජීවිතේට ජනමාධ්‍යයක...