Posts

Showing posts with the label වාමාංශික

ඇදහිලි කල්ලියක නායකයකු වන්නේ කෙසේ ද?

Image
ඔබත් දේශපාලන ශාස්තෲවරයෙක් ද? දේශපාලන ශාස්තෲවරුන් කුඩා කල සිට ම හඳුනා ගන්නට පුළුවන. බොහෝ ශාස්තෲවරු දේශපාලන කවි, කෙටි කතා, ලිපි, රචනා ආදිය ලියති. නාට්‍ය කරති. ඒවා බොහෝ විට අතිශය රැඩිකල් ස්වරූප ගනියි. එහෙත්, මේ ශාස්තෲවරු සාමාන්‍යයෙන් සංගීත, කලා වැනි ප්‍රාසාංගික කලා ක්ෂේත්‍රයන්හි හෝ චිත්‍ර කලාවෙහි නියැලෙන්නේ නැත. ඔවුන් ලියන හා කරන දේ ඔවුන්ට ඉතිහාසයේ සන්ධිස්ථාන වැනි වේ. එබැවින් ඒවා නිතර නිතර පුන පුනා ප්‍රවර්ධනය කරනු ලැ‍බේ. අහවල් ලිපිය කියෙව්වා ද, කියෙව්වේ නැති නම් එය සොයාගෙන කියවන්න ආදී වශයෙන් උපදෙස් දිය යුතු ය. ඒවා සෙසු අය සමග බෙදා ගැනීමට අනුගාමිකයන් ද පෙළඹවිය යුතු ය.  ශාස්තෲවරු තම සතුරන්ට බනින්නට හෝ එදිනෙදා සිදු වන දේ ගැන ලියන්නට සිදු වූ විට එය කරන්නේ වෙනත් නම්වලිනි. ඔවුහු නම් දමා ගන්නා විට වෙනත් අය මෙන් නො ව, දමා ගන්නේ තමන්ගේ නමට වඩා මොඩ්කමින් අඩු හෝ එතරම් ආකර්ශනීය නැති නමකි. වෙනත් අය නම් දමා ගන්නා විට තමන්ගේ ඇත්ත නමට වඩා මොඩ් නම් දමා ගන්නා ආකාරය දකින්නට ලැබේ.  ශාස්තෲවරු සාමාන්‍යයෙන් යන්නේ වෙනත් දාර්ශනිකයන්ගේ පිටේ ය. සාමාන්‍යයෙන් ඔබේ අනුගාමිකයෝත් ඔබ බොහෝ දාර්ශනිකයන් ග...