Posts

Showing posts with the label වසර දෙකහමාර

මේ ‍සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවයි | Litmus test of Sarath Fonseka's personality

Image
( 2010 එක්තෝබර් 01,  W3Lanka )  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අනුමත කරන ලද යුද්ධාධිකරණ තීන්දුවක් ඔස්සේ වසර දෙකහමාරකට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් අවශ්‍යව තිබෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ඉඟියක් අද දිනමිණ පුවත්පත සපයා තිබේ. එය පවසන්නේ ආණ්ඩු ගැති විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවාගේ කටෙනි. මොහු තෝරා ගැනීම සුවිශේෂ ය. 2010 ජනාධිපතිවරණයට පෙර මොහු කොළඹ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද විද්වත් කතිකාවකදී විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව කරුණු දැක්වූ බව රාමචන්ද්‍රගේ අඩවිය පවසයි. එහි සඳහන් වන අන්දමට එදා "විධායක ජනාධිපතිධූරයේ භයානක බව එහිදී එතුමා විසින් පතුරු ගසන්නට යෙදුනි.දහහත්වන සංශෝධනයේ වැදගත්කම පිලිබද අතිශය දැඩි අවධාරනය කිරිමක් ඔහු විසින් නැවත නැවතත් එහිදී සිදු කරන ලදී." ආණ්ඩුව රෙදි අපුල්ලන්නට යොදා ගන්නේ ජංගියේ කක්කා කර ගත් ළමයින් බව පසුගිය කාලය පුරා ම දක්නට ලැබිණි. මේ අය රෙදි අපුල්ලන්නේ ඇරියස් අල්ලන්නට ය. ගලේ ගහන්නේ රෙද්ද ඉරෙන තරම් හයියෙනි. යුද අධිකරණයකින් ලබ...