Posts

Showing posts with the label වර්ණක

බත් කන්නේ බලාගෙන! හාල්වල විෂ වර්ණක

Image
(2009 ඔස්තෝබර් 31 - W3Lanka ) ලංකාවේ නීතිය අනුව ධාන්‍ය ආහාරවලට වර්ණක යෙදීම නීති විරෝධී වුව ද, මේ වන විට වෙළඳපොලේ මෙවැනි වර්ණක යෙදූ රතු සහල් සුලබ බව නිරීක්ෂණය කළ හැකි ය.  මෙම වර්ණක බොහෝ විට විෂ සහිත ඒවා වන අතර, එම සහල් විකිණීම නීති විරෝධී ය. එහෙත් නිසි පරිදි වැටලීම් සිදු නො වීම නිසා මෙම ජාවාරම දිගට ම සිදු වෙමින් පවතී.  මේ වසරේදී බංඩාරගම ප්‍රදේශයේදී කළවැටලීම්වලින්පසු සහල් හා පරිප්පු සාම්පල රස පරීක්ෂක වෙත යවා කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වර්ණ ගැන්වූ සහල් හා පරිප්පු විකිණූ සුපිරි වෙළඳසලක් ඇතුළු 18දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සී.එම්. ජයලත් පවසයි.