Posts

Showing posts with the label වන්නිය

අවතැන් වූවන්ගෙන් ගැලවෙන්න මහින්දලා සරත්ලා පොරේ

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka )  යුද්ධය නිමා වීමත් සමග ම වන්නියෙන් අවතැන් වූ ජනයා තවමත් රඳවාගෙන සිටින කඳවුරුවලින් ඔවුන්ට යම් නිදහසක් ලැබිය හැකි බව ඊයේ මැනික් ෆාම් කඳවුර බැලීමට ගිය ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ එහිදී කරන ලද ප්‍රකාශයකින් පැහැදිලි වේ. මේ අනුව, තවමත් කඳවුරුවල සිටින ජනයාට පනවා තිබෙන සංචලන සීමා දෙසැම්බර් 1දා සිට ලිහිල් කෙරෙනු ඇත. රජය‍ මේ වන විට අවතැන් වූවන් යළි පදිංචි කිරීම වේගවත් කර තිබේ. එහෙත් යළි පදිංචි කරන ලද බව කියන අවතැන් වූවන් පිළිබඳ ගැටළු රැසක් ඉතිරි වී තිබේ. ඇතැම් අවතැන් වූවන් යළි පදිංචි කිරීම වෙනුවට කුඩා කඳවුරුවල ගාල් කර ඇති බව ද, තවත් අවතැන් වූවන් නිසිදු පහසුකමක් නො සපයා ගම්වලට ගෙන ගොස් අතහැර ඇති බව ද වාර්තා වේ. අවතැන් වූවන් සඳහා ඇත්තේන් ම ලබා දී ඇත්තේ වියළි ආහාර ප්‍රමාණයක් සහ රු.5000ක් පමණක් බව ද වාර්තා වේ. රාජ්‍ය නො වන සංවිධානවලට ද මෙම ජනයා අතර වැඩ කිරීමට ඉඩ ලබා දී නොමැති අතර අවතැන් වූවන්ගේ ජීවිත නඟා සිටුවීම බරපතල ගැටළුවක් වී තිබේ.  යළි පදිංචි කරන ලද පුද්ගලයන් මුහුණ දී තිබෙන ගැටළු හේතුවෙන් මේ වන විට තවමත් කඳවුරුවල ඉතිරි වී සිටින 130,00...

ඉරණමඩු වැවෙන්උතුරට ජල යෝජනා ක්‍රමයක්

Image
මෑතදී දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරැලිකරුවන්ගේ පාලනයෙන් සියතට ගත් වන්නියේ සුපසිද්ධ ඉරණමඩු වැවේ ජලයෙන් කිලිනොච්චියෙන් උතුරේ චාවාකච්චේරි, යාපනය වැනි ප්‍රදේශවලට ජලය සපයන ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.  ඩොලර් මිලියන 60ක් වැය වන මෙම ව්‍යාපෘතියේ ප්‍රාග්ධනයෙන් 80%ක් සපයන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි. ව්‍යාපෘතිය සඳහා ශඛ්‍යතා අධ්‍යයනය දැනටමත් හමාර කර ඇති බව වාර්තා වේ.  පරන්තන්හි ඉදි කරනු ලබන පවිත්‍රතා ඒකකය මගින් දිනකට ජල ගැලුම් මිලියන 11ක් මුදා හරිනු ඇත.