Posts

Showing posts with the label වත්කම් බැරකම් ප්‍රකාශ

ෆොන්සේකාගේ දේශපාලන ජීවිතයේ ආරම්භක ආර්ථික රේඛාව

Image
(2009 දෙසැම්බර් 19 - W3Lanka ) රු.6,41,000 යි ශත 88ක් ඇති බැංකු ගිණුමක්‌, පිලියන්දල බෝකුන්දර පිහිටි ඉදි කිරීම සඳහා රු. ලක්ෂ 12ක් වැය වූ නිදන කාමර තුනක නිවසක් සහිත පර්චස් 15.2ක ඉඩමක්‌, හිස්‌ ඉඩම් දෙකක්‌, මර්සිඩීස්‌ බෙන්ස්‌ රථයක්‌. මේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් සිය නාම යෝජනාව සමග ඉදිරිපත් කර ප්‍රසිද්ධියට පත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයයි.  ඔහුගේ බිරිඳ සතු බැංකු ගිණුම් පහක රු.23,307 යි ශත 47 ක්‌) සහ ඇමරිකානු ඩොලර් 2952 ක ශේෂයක්‌ ද රු.1,692,000) වටිනා ස්‌වර්ණාභරණ ද ඇතැයි ෆොන්සේකා තම වත්කම් බැරකම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. නිවස සහිත ඉඩම රාජ්‍ය උකස්‌ හා ආයෝජන බැංකුවට ඇපයට තබා ණය මුදලක්‌ ලබාගෙන ඇතැයි ද එම ණය මුදලේ වර්තමාන ශේෂය රු.75,694ක්‌ බව ද සරත් ෆොන්සේකා පවසයි. විශ්‍රාමික ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී වශයෙන් තමන්ට නියමිත විශ්‍රාම වැටුප මෙතෙක්‌ ලැබී නොමැති නිසා තම මාසික වැටුප සඳහන් කිරීමට හැකියාවක්‌ නැතැයි ද ඔහු කියා ඇත.  ජනාධිපති පදවියට පත් වුවහොත් සෑම වසරක ම ජනවාරි 27දා සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කරන බව...