අරගලයේ ලක්ෂ්යයන් එක් කොට රේඛාවක් අදින්න ට මානව හිමිකම් දිනයේ දි මුල පුරමු.....!
( 2010 දෙසැම්බර් 09, ලෝහිත අසපුව ) ලංකාවේ පාලක පංතියේ බංකොලොත්බව ඔවුන්නම් හොදින් ම තේරුම් අර ගෙන තිබෙන බවක් අප ට හැගෙනවා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයත් පාලනය සදහා ඉතිහාසය පුරා ම බලපොරයක යෙදෙන්නේ මේ බංකොලොත්බව ම පදනම් කර ගත් වැඩපිළිවෙලක් තුළ විම ඒක ට එක සාධකයක්. ඇත්තෙන් ම මේ කාල වකවානුවේ ධනේෂ්වර ක්රමයට ලෝකයේ කිසිදු අර්බුදයක ට විසදුමක් නැති තත්වයක ට ගිහින් තියෙන නිසා වෙමින් තියෙන්නේ පරිවාරයේ රටවල් සූරා කෑමෙන් කේන්ද්රයේ ගැටළු කළමනාකරණය කර ගැනිමයි. ඒ තත්වය ඇතුලේ පරිවාරයේ අපේ වගේ රටවල පාලක පංතියේ බංකොලොත්කම ගැන කවර කතාද? හැබැයි මේ අර්බුදය හැම තැන ම එකම විදියක් ගන්නේ නෑ. ලංකාවේ මට්ටමින් මේ බංකොලොත්කම ට තීරණාත්මක අභියෝගයක් එල්ල කළේ උතුරේ 'විමුක්ති කොටි' ව්යාපාරය විසින්. ජාතින් ලෙස බහුතර ජනකොටසක ට මුවා වෙලා, සුළුතරයක් විසින් ගෙන ගිය පාලනය ඔවුන් විසින් අභියෝගයක ට ලක් කළා. ඒ, තමිල් ජාතියේ වාසභූමි ප්රදේශවලවත් ඒ ජනතාවගේ ජනවරම ට ඉඩක් නැතිකමේ ප්රශ්නය, මේ ගොඩ නගා ගත් රාජ්ය මාදිලියේ ප්රශ්නයක් හැටියට ම මතු කරමින්. මෙතැන දි ඇත්තෙන් ම අනෙක් ජනකොටස් අතරේ සිදු විය...