Posts

Showing posts with the label ලෝකෝපකාරය

කාටත් පහස දෙන ලෝකෝපකාර බඩුව

Image
කාන්තාවන්ට අපහාසාත්මකව කතා කිරීම පිළිබඳ විහිළු ඇත. කුළු හරකාගේ ගෑනු සතා කවුරුද? කුළු බඩුව ය. මාළුවාගේ ගෑනු සතා කවුරුද? මාළු කෑල්ල ය. එතකොට හාවාගේ ගෑනු සතා කවුරුද? හා, හා ළ‍ඳේ! විහිළු නොවේ. කාන්තාවට බඩුව කියා මුලින් ම කියා ඇත්තේ තොටගමු මහා විහාරයෙහි වැඩ විසූ ධර්මශාස්ත්‍ර ප්‍රවීණ කුශාග්‍ර බුද්ධිමත් රනස්ගල්ලේ ස්ථවිරයෝ ය. ඒ ලෝකෝපකාරයෙහි ය. මෙසේ ය: 'උරණ හැමකල නොව - යෙහෙන් රකිතත් පණසෙ නිතියෙන්, බඩුවක් මෙන් විකිණි - පහස දෙත් කාටවත් අඟනෝ' උරණ නොවී සැමකල පණ සේ සුරැකියත්, ස්ත්‍රීහු විකිණීමට ඇති බඩුවක් සේ ඔනෑ කෙනෙකුට පහස දෙති.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න