ලෝක මානසික සෞඛ්‍ය දිනය - ලංකාවේ මානසික රෝගීන් ලක්ෂ හයක්; වෛද්‍යවරුන් ඉන්නේ රෝගීන් 17,000ට එක්කෙනයි
(2009 ඔක්තෝබර් 10 - W3Lanka ) ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10 දා) යෙදී ඇත. ප්‍රාථමික සෞඛ්‍ය තුළ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර තත්ත්වයන් උසස් කරලීම හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි. ලංකාවේ ජනගහණයෙන් 3%ක් පමණ කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. 2%ක් ජනයා බරපතල මානසික රෝගවලින් පෙළෙති. 10%ක් දෙනාට මානසික ගැටළු තිබේ. ලංකාව ලෝකයේ වැඩිම සිය දිවි නසාගැනීම් හා මත්පැන් වැරදි පරිහරණය සිදු වන රටක් ලෙස හඳුනාගෙන තිබේ. දීර්ඝ කාලීන යුද්ධය හා සුනාමි වැනි හේතු මත පසුගිය කාලයේ ලංකාවේ මානසික සෞඛ්‍ය තත්වයේ පිරිහීමක් දක්නට ලැබිණි. දැනට අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල්වල 3000ක් පමණ රෝගීහු නේවාසිකව සිටිති. මුල්ලේරියාවේ සිටින 800ක් පමණ දෙනා කාන්තාවෝ වෙති. දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබන මොවුන් අතරින් බොහෝ දෙනෙකු සුවය ලබා සිටිය ද රෝහලෙන් පිට කිරීමට නො හැකිව ඇත්තේ ඔවුන් භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නො වන හෙයිනි. මානසික රෝගීන් යනු රටේ දිළිඳුම ප්‍රජාවන්ගෙන් එකකි. ඉතා ම පහළ ආදායම් මට්ටම්වල සිටින මානසික රෝගීන්ගෙන් බහුතරයකගේ තත්වය...